20. දිගහැරුම

841 183 134
                                    

🍁 දිවිතුරා.. Season 01

දිවිතුරා
ඔබට මන්
ආදරෙයී
රත්තරන්..

💚 මේ පොඩ්ඩක් කතා කරනවද චූටී...

❤️ අනේ මට බෑ.. මන් තරහයි..😏

💚 චුට්ටයි චුට්ටයී එකම එක වචනයයි ඔන්න.. ඔන්න කතා කරනවා.. කෝ මගේ පැටියා කතා කරන්න....

❤️ හෙලෝ.. ලොකු අම්මී....

පාන්දර ජාමයේ අවදි වෙලා ස්ටේශන් එකට යන්න කලින් යීබෝ තමන්ගෙ අම්මට කෝල් එකක් ගත්තෙ මේ පැත්තෙ වෙච්ච හැමදේම කියන්න..

ඉතින් හැමදේම හොදට විසද ගද්දි යීබෝ ජාන්ට කොච්චර කිව්වත් කොල්ලා නම් නෙවෙයි ලොකු අම්මියෙක් දිහා ඇහැක් වත් ඇරලා බැලුවේ...

❤️ ලොකූ බෑග් ලෑස්ති අපි යන්කෝ අනේ.. පරක්කු වෙනෝ...

" චූටී මැණික මන් එක්ක තරහද.."

❤️ ඔව් ඇයි ප්‍රශ්න තියෙනවද ඔයාට...😏😏

" අප්පේ.. නයි මිරිස් කරල.."

❤️ හුහ්...😏😏 යන්කෝ ලොකූ..

කෝල් එකේ ඉන්න ලොකු අම්මිව ගනන් නොගෙන ඉක්මනින් යන්න දගලන කොල්ලගෙ අතකින් අල්ල ගත්ත යීබෝ...

💚 අපි යනවා අම්මී.. ආදරෙයී මන්... පරිස්සමෙන් ඉන්න තාත්තී එක්ක.. චූටිව පස්සෙ යාලු කරන්නම් අප්පා..

" අපෝ එයාව නම් යාලු කරගන්න පුළුවන් මට.. පරිස්සමෙන් එහෙනම් මගෙ පැටව් දෙන්නා.. "

ඇමතුම විසන්ධි උන ගමන් ජාන් යීබෝගේ බෙල්ලෙ එල්ලෙද්දී යීබෝ තමන්ගෙ ලොකු බෑග් එකත් ඇදගෙන කාමරෙන් එලියට ආව ගමන් ආපහු කාමරේ දිහා බැලුවා..

මේ පුංචි කාමරේ අස්සේ තමයි මුලින්ම යීබෝ ජාන්ට මල්ලි කෙනෙක්ට දෙන ආදරේට එහා ගිය ආදරයක් දෙන්න පටන් ගත්තේ..

මේ කාමරේ අස්සෙ ඉදන් තමයි පුංචි කමට ලොකු වෙලා කරන්න ඕන දේවල් පවා සැලසුම් කරේ..

මේ කාමරේ අස්සෙදි තමයි යීබෝ ජාන්ව හැර යද්දි චූටී ජාන්ව සුවසේ හාන්සි කෙරවූයේ...

꧁  දිවිතුරා  ꧂                                                        ✓ Onde histórias criam vida. Descubra agora