🍁 දිවිතුරා.. Season 01
•
•
•
දිවිතුරා
ඔබට මන්
ආදරෙයී
රත්තරන්....
..
..
" ආ.. කොල්ලා.. මොකෝ වෙන්නේ... "
❤️ මේ ඉතින් අදිනවා අප්පා.. ක්ලාස් එකට ඇවිත් වෙන මොනා කරන්නද මන්...
" පාඩම් කරන්න ගන්න හොදේ... එක්සෑම් කිට්ටුයිනේ "
❤️ හරි සර්... අවුලක් නෑ ඉතින්.. පාඩම් නොකරත්.. ඒත් පාඩම් කරන්නම්.. ඒක කොයිකටත් හොදයිනේ..
" අන්න ඒකනේ... පාඩම් කරන එක හොදයිනේ.. කොහොමත් අපේ ජාන් පාස් කියලා අපි දන්නවා.. "
සර් ජාන්ගේ කොන්ඩෙත් අවුස්සලා කියද්දි ජාන් සර්ටත් රවලා කොන්ඩෙ හදාගත්තේ හැමදාම තමන්ට සර් කෝචොක් කරන නිසා... ඕක මේ කැම්පස් එකට ආව දවසෙ ඉදලම තිබ්බ දෙයක්..
ජාන් හුරතල් නිසාම සර් හරි ආදරෙයි ජාන්ට... ගෙදර රස කෑමක් හැදුවොත් සර් අනිවාර්යයෙන්ම ජාන්ට නම් ගෙනල්ලා දෙනවාමයි.. කොහොමත් ජාන් කඩචෝරූ කන්න රුසියා කියලා සර් දන්න නිසාම සර් ජාන්ට ගෙනල්ලා දෙනවා...
වයස ගියත් මොකෝ ජාන් සර්ට රවන්නේ පොඩි එකෙක්ට රවනවා වගේ... සරුත් මේ කෝලම් ගනන් නොගෙන ඉන්නේ ජාන්ව සිගිති මැරයෙක් ගානට දාලා...
" රවන්නෙපා ජාන්.. කැතයි.. "
❤️ මල විකාර අප්පා... මට මේක අදින්න දීලා යන්නකෝ අප්පා...
" ආ... ඒකත් එහෙමද.. අපරාදේ.. අපේ වයිපරේ මේ දෝසී වගයක් දුනා හා සිගිත්තට දෙන්න කියලා... "
❤️ ඈහ්...
සර් පිටිපස්සෙ හංගන් උන්න කෑම පෙට්ටියක් පෙන්නලා කියද්දි ජාන් ඉක්මනින් පින්සල පැත්තකට දාලා ඒ කෑම පෙට්ටිය අල්ල ගත්තේ එහාට මෙහාට පැනලා... ඉක්මනින් කෑම පෙට්ටිය පපුවට තියා ගත්ත ජාන්...
❤️ ආන්ටී ආදරෙන් දුන්න දේ ඔයා නොදී යන්නෙ හිතකින්ද සර්....
" ඔව් ඉතින් අපිට ලොකු සීන් දානවනෙ ඔයා... "
❤️ අම්මෝ..... කියන බොරූ..... මන් මේක කන්නම්.. ඔයා පරිස්සමෙන් යන්න බුදු සර්... 😁
![](https://img.wattpad.com/cover/319765057-288-k584847.jpg)
YOU ARE READING
꧁ දිවිතුරා ꧂ ✓
Fanfiction🐰 ලොකූ...ලොකූ.. ඉක්මනින් එන්න අනේ.. අපි හැංගෙමු.. අපි යමු කැනෝලා ගොන්නට.. 🦁 අර යකාට අපිව හොයලම හති වැටෙයි චූටී... 🐰 අයියෝ කමක් නෑ ඉතින්.. අපි හැංගෙමු... ෂ්... සද්ද එපා.. 🦁 අනේ මන්දා මේ චූටී මල්ලියෙක් හදාගෙන මට තියෙන වදයක්.. කැනෝලා මල් යාය මැද...