Chapter 3

211 31 0
                                    

Next Day🌸

වෙනද වගේම ඔෆිස් එකේ අයටත් හිනා වෙලා, සෝ ටේ ගෙ රූම් එක ඇතුලට ගියේ ටේහියුන් මෙච්චර උදේම ඔෆිස් එකට එන් නෑ කියලා හොදටම දන්න නිසාමයි.
එහෙම හිතා ගෙන ඔෆිස් එක ඇතුලට ගිය කෙල්ල ටේහියුන් ඔෆිස් එකේ ඉන්නවා දැකලා පුදුම උනත් ඒක නොපෙන්වා ලස්සනට හිනා වෙලා ගුඩ් මෝනින් සර් කියලා කියුවා ..
හැබැයි ටේ ට ඒක ඇහුන් නෑ. මොකද....සෝට වඩා ටේ මේ වෙලාවෙ පුදුම වෙලා හිටියෙ...ඒ කෙල්ල අතේ තිබුන මල් පොකුර දැකාලා ..... මොකද ඔෆිස් එකක වැඩට එනකොට ගේන්න ඕන දෙයක් නෙවෙයි මල් කියන්නෙ ....
මල් ඇයි කියලා අහන්න ඕන වුනත් කෙල්ලට සෙකන්ඩ් වෙන්න බැරි හින්දා කොල්ලා මුකුත් අහන් නැතුව හිටියා....
හැබැයි ටේගෙ හිතේ හොල්මන් කරපු ප්‍රශ්නෙට ඉක්මන්ටම උත්තර හම්බුනා...
කෙල්ල එයා අතෙ තිබුන ලස්සන මල් පොකුර ගෙනත් කොල්ලගෙ මේසෙ උඩ තිබුන වාස් එකට දැම්මා....
ඊට පස්සෙ ගිහින් කර්ටන් දෙපැත්තට කරා....

ඇත්තටම මේ වෙන දේවල් දිහා ටේ බලන් හිටියේ ගොඩාක් පුදුමෙන්......
මොකද මීට කලින් හිටපු කිසිම කෙනෙක් මේ විදිහට හැසිරිලා නෑ වගේම එයාලට ඕන විදිහට තමන් ඉස්සරහ නිදහසේ වැඩ කරන්න ටේ ඉඩ දුන්නෙත් නෑ.....
හැබැයි මොකද්ද මන්දා හේතුවකට සෝහි මේ කරන දේවල් නවත්තන්න ටේ ට ඕන වුණෙත් නෑ..

ඒ වගේම මේ ටික කාලෙ ඇතුලත ටේහියුන් ළඟ වැඩට සෙකට්‍රි ලා ගොඩක් ආවත් ඒ එක්කෙනෙක් වත් මාසෙකට වඩා ටේ එක්ක වැඩ කරේ නෑ....
ඒකට ලොකුම හේතුව උනේ ටේගෙ කේන්තිය..
එයලත් එක්ක බලද්දි ටේ සෝහිගෙ දැකපු ලොකුම වෙනස තමා ටේ කොච්චර සෝහිව ගනන් නොගෙන වැඩ කරත් එයා ඒ කිසිම දෙයක් ගැන නොහිතා තමන්ගෙ පාඩුවෙ වැඩ කරපු එක....ඊටත් වඩා ටේ ළඟ වැඩ කරපු අනික් සෙකට්‍රි ලාට වඩා සෝහි අදින පළඳින විදිහ පවා වෙනස්... ඇත්තටම සෝහි ගොඩක් චාම් කෙල්ලෙක්...

********

දින සති ගෙවිලා ගියේ වෙනදා වගේමයි ..ටේගෙ ජීවිතේ වෙනද වගේම රෑට කලබ් එකේ නැත්තන් ඔෆිස් එකේ බොන්නත් උදේ වරුවෙ ඔෆිස් එකේ වැඩ වලටත් යට වෙලා කාලෙ ගෙවුනා....
මේ හැම දේම වෙනදා වගේම වුනත් මේ ටික කාලෙට වෙනස් වෙච්ච දේවල් තිබුන ...ඒ තම හැමදාම සෝහි උදේට මල් ගෙනත් ඒක වාස් එකට දාන එකයි කර්ටන් ඇරලා රූම් එක පිලිවලට අස් කරල තියෙන එකයි...
ටේගෙ ඒකාකාරී ජීවිතේ මේ ටික කාලෙට වෙනස් වෙච්ච එකම දේ ඕක......
මේ අතරේ සෝට ගොඩක් දවස් වල උදේට දකින්න හම්බුනේ හිස් වෙච්චි බියර් ටින් ....
එහෙමත් නැත්තම් පුටුව උඩම නිදාගෙන ඉන්න ටේ හියුනවයි තමයි ....ඕවට අමතරව කෙල්ල දැකපු එකම දේ...හේතුවක් නැතුවත් තමන් ළඟ වැඩ කරන මිනිස්සුන්ට ගිරිය කඩාගෙන කෑ ගහ ගහ බනින ටේහියුන්වයි විතරයි ...

My Dear Blossom (✔️)Where stories live. Discover now