Chapter 5

193 30 0
                                    

After few minutes 🌸

බ්ලවුස් එකත් වොශ් කරන් ඒකත් වේලගෙන එද්දි ඔෆිස් එකේ අය කලබලෙන් වගේ එහෙ මෙහෙ යනවා ....ඒක දැකලා ඉක්මන් අඩි වලින් මීටින් රූම් එකට ගියපු මං දැක්කෙ රූම් එකේ තිබුන බඩු සේරම පොලොවෙ ගහන ටේහියුන් සර්ව...රූම් එකේ හිටියෙ එයා විතරයි ...දොර ළඟ ඉදන් ගල් ගැහිල වගේ මේ වෙන දේවල් බලන් හිටපු මං මේ ලොකෙට ආවෙ සර් බිම වැටිලා තිබුන බ්ලේඩ් එකක් අතට ගන්නවා දැකලා....
ඉක්මනට ටේහියුන් ලගට දුවලා ගියපු මං ඒක එයාගෙ අතින් ගන්න හැදුවත් මාව දැක්ක ගමන් එයා මාව පැත්තක්ට තල්ලු කරා....අයෙත් නැගිටලා ගිහින් එයාගෙන් බැනුම් ඔක්කෝම අහගෙන මං කොහොම හරි කරලා එයා අතේ තිබුන බ්ලේඩ් එක අයින් කරා....හැබැයි ඒක අයින් කරද්දී මගේ අත පොඩ්ඩක් කැපුනා ..ඒක දැකපු සර් ඔලුවත් අල්ලගෙන එහෙන්ම බිම වාඩි වුනා......

එතකොටම රූම් එකේ දොර ඇරෙන සද්දෙ ඇහුනා.....

ඇරුන දොර දිහා බලනකොට සෝ දැක්කෙ හරි කලබලේකින් දොර ඇරගෙන ඇතුලට එන ජිමින්ව.....
ඉක්මනට සෝ ගාවට ආපු ජිමින් කෙල්ලගෙ කැපිච්ච අත බැලුවා ....ඒක ඒ තරම් ගැබුරට කැපිලා නොතිබුණ නිසා..ජිමින් සෝට කියුවෙ තුවාලෙට බෙහෙත් දාගෙන ගෙදර යන්න ...මං හවස එන්නම්.....මං ටේ ගැන බලා ගන්නම් කියලා..............
ඔලුව වනලා යන්න හැරුණත් සෝගෙ ඔළුවෙ තිබුනේ කැපුන තුවාලෙට වඩා හදිස්සියෙම ටේහියුන් මේ විදියට හැසිරෙන්න හේතුව මොකක්ද කියන එක....

සෝ ගියාට පස්සෙ ඉක්මනට ජිමින් ගිහින් බිම වාඩි වෙලා හිටිය ටේ ඉස්සරහින් දන ගහ ගත්තා.....
ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටපු ටේහියුන් ජිමින්ව බදාගෙන ඉකි ගහන්න පටන් ගත්තා....මේ වෙලාවෙ ටේව බදාගෙන එයාට ඇති තරම් අඬන්න දෙනවා ඇරෙන්න ජිමින්ට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ....

ඒ වගේම ජිමින්ට ටේ මෙහෙම හැසිරෙන්න හේතුව අමුත්වෙන් දැන ගන්න වුවමනාවක් තිබුනෙත් නෑ ....ටේව හම්බ වෙන්න කියලා ටේගෙ ඔෆිස් එකට ආපු ජිම්න්ට ඔෆිස් එකේ වැඩ කරන එම්ප්ලෝයිස්ලගෙන් වෙලා තියෙන දේ දැන ගන්න ලැබුනා .....වුනේ මොකක්ද කියලා දැන ගත්‍ත ගමන් ජිමින් කරේ පුලුවන් තරම් වේගෙන් මීටින් රූම් එකට ආපු එක......

My Dear Blossom (✔️)Where stories live. Discover now