Chapter 9

171 34 0
                                    

පහුවදා උදේ ටේහියුන් නැගිට්ටෙ ඔලුවටත් අත තියගෙන...එතකොට එයාගෙ අතට අහු වුනේ තාමත් තෙත ගතියට තියෙන ටවල් එකක්.... ඔව් ඒ කියන්නෙ රෑ මැදත් සරෙන් සැරේ ටේහියුන්ගෙ නලල උඩ තියල තිබුන ටවල් එක මාරු කරලා කියන එක....
ටවල් එක අතට ගත්තු ටේහියුන්ට මතක් වුනේ සෝහි ඊයෙ රෑ එයාගෙ නලල උඩින් ටවල් එක තියපු විදිහ...

ඒ වගේම එහා පැත්ත හැරුණ ටේහියුන් ට තේරුණා තාමත් නලල උඩ තියෙන ටවල් එක තෙත් වෙන්න හේතුව....ඔව් ටේහියුන්ට එහා පැත්තෙ ස්ටූල් එක උඩ වාඩි වෙලා ඇද උඩින් ඔලුව තියන් නිදාගෙන හිටියෙ ජිමින්.....ජිමින් ඊයෙ රෑම හිටියෙ ටේ ළඟ....

මේක දැකපු ටේහියුන් ට මතක් වුනේ සෝහි කියපු දෙයක්.....

""බලන්න ජිමින් කියන්නෙ මගෙ ඔප්පා ..ඔයාගෙ යාළුවා...එ වුනාට අපි දෙන්නගෙ ප්‍රශ්නෙකදි එයා අනිවාරයෙන්ම ගන්නෙ ඔයාගෙ පැත්ත...එයාලා ඔයාට ඒ තරමට ආදරෙයී. ඔයා ඔය විඳවන්නෙ ඔයාට රිද්දපු කෙනෙක් වෙනුවෙන්...එතකොට ඔයා ඔය විදිහට විනාස වෙලා රිද්දන්නෙ ඔයාටත් වඩා ඔයාට ආදරේ කරන අයව""

ටේහියුන් මේ ලෝකෙට ආවෙ සෝහි දොර ඇරගෙන කාබරේට එනව දැකලා..

ගුඩ් මෝනින් සර්....දැන් ඔයාට කොහොමද...උණ අඩුද කියන ගමන් සෝහි ටේගෙ නලලට අත තියල උණ බැලුවා .

සෝහි ඒක ඒ තරම් හිතල නොකෙරුව වුනත් ටේහියුන්ට නම් මේ දේවල් ගැන හිතන්න ගොඩක් දේවල් තිබුනා

තෑන්ක් ගෝඩ් උණ බැහැල....

අනේ අප්පො ලෙඩාව බලා ගන්න ළඟ හිටපු මනුස්සයා තාම නිදි.....

යා ඔප්ප නැගිටින්න....
නැගිටිනව මෝඩ චිමියෝ.....

යා සෝ ....ඔප්පට නිදි මතයි ...අනික අද මං ඔෆිස් යන්න නෑ.....මට නිදා ගන්න ඕන....නිදාගන්න දීල යනවකෝ මෝඩ රිලවී....හොද බබා වගේ ඔප්පට රසම රස හොට් චොකලට් එකක් හදන් එන්න මැණික ඔප්ප එතකොට නැගිටින්නම්....

යා හිපාටු පාර්ක් ජිමින් නැගිටිනවා......

සෝගෙ කෑ ගැහිල්ලට ජිමින් ඔලුවත් කස කස ඇස් ඇරියා...<

එතකොට තමයි සෝ ,මින් දෙන්න දැක්කෙ මේ අයියා නගෝ දෙන්නගෙ රන්ඩුව බලාගෙන ටේහියුන් හිනා වෙනව කියලා...

My Dear Blossom (✔️)Where stories live. Discover now