"හෙලො ජන්කුක් පුතා.."
"ඔම්මා.. "
"අනේ මගෙ කොල්ලට මොකද උනේ පුතේ"
"ඔම්මා.. කලබල වෙන්න එපා මන් දැන් ගෙදර යන ගමන් බය වෙන්න එපා මන් එයා ලග ඉන්නවා මන් තව ටිකකින් කතා කරන්නද ඔම්මා"
"හරි පුතේ අපිත් එන්නම් මගේ කොල්ලව බලා ගන්න පුතේ හිතුවක්කාරයෙක් වගෙ පෙන්නුවාට තාම එයා සියුමැලියි"
"හරි ඔම්මා බායී"
පාර්ටි එකේ උන දේ පිටට යන්න දෙන්නේ නැතුව ජන්කුක්ට බලා ගන්න පුලුවන් උනා.. මොකද මේක පිටට ගියානම් හෙට නිවුස් වල හෙඩ්ලයින් එකට මෙක වැටෙනවා කියලා ජන්කුක් දන්නවා.. අනික මේක මුලු ලොකෙම දැනගත්තොත් ජිමින් තවත් කඩන් වැටෙයී දැන් උනත් එයා ඉන්නේ හොදටම කඩන් වැටිලා ඉතින් ජන්කුක් ඔනේ උනේ නැ තවත් ජිමින්ව අපහසුතාවයට පත් කරන්න..
ගෙදර ආපු ගමන්ම ජන්කුක් පරිස්සමින් තමන්ගෙ තුරුලේ අඩ අඩ ඉදලා නින්ද ගිහින් ඉන්න ජිමින්ව අත් අතරට ඇරගෙන කාමරේට ගියා..
ජන්කුක්ගෙ කාමරේට එක්කන් ගියපු ජන්කුක් ජිමින්ව ඇහැරෙන්න නොදි හරි පරිස්සමින් ඇදෙන් තිබ්බා.. එ මුනේ වෙලුනු කදුලු පාරවල්.. නින්දෙන්ද මන්ද තවම පොඩි පොඩි ඉකි පිට වෙනවා..
ජන්කුක් ජිමින්ට අන්දලා තිබුනු බ්ලොසර් එක අයින් කරා.. එතකොටයි එයා දැක්කේ ජිමින්ගෙ සියුමැලි හමේ තියෙන හැපුම් පාරවල් ජන්කුක්ගෙ අත ගියෙ එ පාරවල් උඩින් මොකක්දො මන්දා හෙතුවකට කොල්ලාගෙ ඇස් වලින් කදුලු ගැලුවා..
ජිමින්ගෙ පැත්තෙන් දන ගගා ගත්තු ජන්කුක් කදුලු කම්මුල් තෙමාගෙන යද්දි හිමින් ජිමින්ගෙ වෙලිලා තියෙන කදුලු පාරවල් වලින් අත ගෙනිච්චා..