මොනතරම් උත්සාහ කරත් ගීෂ්ගෙ බැන්ඩේජ් කරපු අත දකිද්දී ඇස් වලට උනපු කඳුලු නවත්තගන්න මට පුලුවන් උනේ නැහැ.. එයාට තුවාල උනේ මං නිසා නේද කියලා මතක් වෙද්දිත් මට දැනුනේ පපුව පැලෙන්න තරම් වේදනාවක්.. ඒත් ඇයි.. ඇයි එයාට තුවාල උන නිසා මෙහෙම මගේ හිත රිදෙන්නෙ.. අනිත් එක ඇයි එයා මං වෙනුවෙන් එහෙම දෙයක් කරේ.. මොකක්ද අපි අතර තියෙන මේ බැඳීම.. මගේ හිතේ එයා ගැන තියෙන කැමැත්ත වගේ එයාගෙ හිතෙත් මං ගැන.... නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ.. මේ දවසට දෙකට එයාගෙ හිතේ එහෙම අදහසක් ඇති වෙන්න විදිහක් කොහෙත්ම නෑ..
"චූටි.."
"චූටි දැන් ඔය ඇඬිල්ල නතර කරගන්නවා.. ඔයාට ඕන අම්මාව බය කරන්න ද.." ජිෆ් එක ගේට් එකෙන් ඇතුළට දාන ගමන් අයියා එහෙම කියද්දී කල්පනා කර කර ඉදපු මං පියවි සිහියට ආවා..
"හරි හරි දැන් ඇති ඇඬුවා.. ඒ දේ උනා දැන් ඉවරයි.. රනුද්ගෙන් ඔයාට කරදරයක් උනේ නෑනෙ.. සිද්ද උන දේවල් අමතක කරලා ඔය කොල්ලාවත් එක්කගෙන එනවා ඇතුළට.. අනේ මන්දා කැම්පස් ගියා කියලා උඹ නම් පොඩ්ඩක් වෙනස් වෙලා නෑ තාමත් පරණ සීනිබෝලෙමයි.. ඒ මල්ලී වරෙන් බං මෙයා අද පැයකටවත් මේකෙන් එලියට බහින පාටක් නෑ.."
"හරි අයියේ.." ජීප් එකේ පිටිපස්සෙ ෂීට් එකේ මාත් එක්ක වාඩි වෙලා ඉදපු ගීෂ් ලාවට හිනාවෙලා අයියාට එහෙම කිව්වෙ ඇස් කොනෙන් මගේ දිහා බලන ගමන්..
මුකුත් නොකියම ඇස් වල තිබුණ කඳුලු පිහිදාගත්ත මම ගීෂ් දිහා බලලා මවාගත්ත හිනාවකින් හිනා උනේ අයියා කාර් එකෙන් බැහැලා යද්දී..
"යමු.. මේක තමයි ඉතිං මේ චූටිගෙ චූටි ගෙදර.." එහෙම කියපු මං කාර් එකේ දොර අරින්න ගියාත් ගීෂ් මගේ අතේ වැලමිට ළඟින් ඇදලා අරන් මාව නතර කරා..
"ඇ..ඇයි.." එයාගෙ ඇස් වල තිබුණ බැල්ම දරාගන්න බැරුව මම බිම බලාගත්තා..
"ඇයි අඬන්නෙ.."
"කවුද ඇඬුවේ.. මං ඇඬුවේ නෑ.."
"නිකන් බොරු නොකියා ඉන්නවා.. අඬ අඬා අඬන්නෙ නෑ කියන්නේ කාව රවට්ටන්න ද ආ.." එයා හෙමින් ඇහුවේ මගේ ළඟට තවත් ලං වෙලා.. එයා එහෙම මට ලං වෙද්දී එයාගෙ හුස්ම මගේ කම්මුලෙ වැදුන නිසා මම මගේ අතින් ඇඳගෙන ඉදපු ෂර්ට් එක තද කරලා අල්ලගත්තා..
YOU ARE READING
Never Again [Completed]
Fanfictionපෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤