හිතේ සතුට හොරු අරන් ගිහින් වගේ.. පිරිමිකමට හැම දුකක්ම වේදනාවක්ම හිතේ හිරකරගෙන ඉන්නෙ නැතුව කෑගහලා ඇඬුවා නම් සමහරවිට මට මේ තරම් පීඩනයක් දැනෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුණා.. ඒත් මගේ හිත මටත් වඩා හිතුවක්කාර වෙද්දී ඇස් වලින් එක කඳුලු බිංදුවක්වත් බිමට වට්ටන්නෙ නැතුව මම අත්මිට මොලවාගත්තා..
ඉපදුන දවසෙ ඉඳන් අම්මා තාත්තා දෙන්නාටම මට ඉඳියේ අම්මා විතරයි.. අම්මා මාව උස්මහත් කරන්න අවුරුදු විස්සක් තිස්සේ විඳපු දුක් කන්දරාව ඇස් දෙකෙන් දැකපු නිසාම කවදාවත් එයාගෙ හිතට දුකක් දෙන්න එයා එපා කියපු දෙයක් කරන්න මම හිතුවෙවත් නෑ..
ඒත් අද..
ඇයි අද මෙහෙම දෙයක් සිද්ද උනේ..
ඇයි අම්මා එපා කියලා තියෙද්දීත් මම දෙපාරක් නොහිතා මේ ගමන යන්න තීරණය කරේ..
ඒ ආරව් නිසාද..
මේ වෙනකන් මට නියපිටින් පාරක් නොගහපු මගේ අම්මා අද මට අත ඉස්සුවේ එයා නිසාද..
මෙච්චර වෙලාවක් හිත ඇතුළේ කැකෑරෙමින් තිබුණ ඒ ප්‍රශ්නෙට මම මගෙන්ම උත්තරයක් හොයද්දී ආරව්ගෙ කටහඬ මාව පියවි ලෝකෙට අරගෙන ආවා..
"මාත් එක්ක බෝඩිමට යමු.." එයා එහෙම කියද්දී මම මුකුත් නොකියාම එයා දිහා බලාගෙන ඉඳියා..
"ගීෂ්.. ඔයා එනවාද මාත් එක්ක යන්න.." මගෙන් උත්තරයක් ලැබුණේ නැති හින්දා ද මන්දා එයා ආයෙත් මගෙන් එහෙම ඇහුවා..
නෑ මම එයාට උත්තරයක් දුන්නෙ නෑ.. එයා දිහා හිස් බැල්මකින් බලාගෙන ඉදලා ආයෙත් ඈත පේන මුහුද දිහාට මං ඇස් යොමු කරද්දී එයා සද්ද නැතුව මගේ ළඟින් නැගිටලා වෙරළ දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියේ තාලෙකට සිංදුවක් මුමුණන ගමන්..
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී...හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී....
YOU ARE READING
Never Again [Completed]
Fanfictionපෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤