01📖️

6.4K 706 248
                                    

වසර තිහකට පෙර අතීතය..

"ෂිට්.. අදත් හතර වටෙන් දීගෙන එන්න හදන්නෙ.. මේ කරුම වැස්ස වහිනවා වහිනවා ඉවරයක් ඇත්තෙම නෑනේ.."

කොටු තාප්පෙ උඩ වාඩි වෙලා ඈත පේන මුහුද දිහා බලාගෙන ඉඳපු මම කිව්වෙ කේන්තියෙන්..

"මට පේන්නෙ මචං වැහි දෙයියාගෙ හොර ලව් එක මාට්ටු වෙලා ගෑනි ගෙදරින් ගිහින් ද කොහෙද.. ඒකයි ඔය යකා මේ හෙන ගගහා අඬන්නෙ.."

හූනා එහෙම කිව්වාම අනිත් උන් දමාගෙන හිනා වුණා.. ඕකාගේ කාඩ් එක හූනා උනාට ඇත්ත නම ආකාශ්.. අපේ සෙට් එකේ ඉන්න කෙට්ටුම පොර ඌ නිසා තමයි ඕකාට ඔය හූනා කියලා නම වැ⁣ටිලා තියෙන්නේ..

පොර ඉස්කෝලෙ කාලෙ ඉඳන් ටීචර්ස්ලාට කඩේ ගිය නිසා ඕකාට ඉඳලා හිටලා අපි ගොට්ටා කියලාත් කියනවා.. ආන්න ඒ වෙලාවට නම් ඌට අසූ හාරදාහට නගිනවා..

"යකා නෙමෙයි ගොට්ටො, දෙයියා.. දෙයියා.."

ධනුකයා කිව්වෙ හූනාගෙ පිටට පාරක් ගහන ගමන්..

"පලයන් හු- යන්න.. කවුද ගොට්ටා.. තොට මං කිව්වා කියලා හිතාගනින්.."

හූනා ධනුකයාට ගහන්න උගේ පස්සෙන් එලවද්දි විහස් හිනා වීගෙන ඇවිත් ම⁣ගේ ළඟින් වාඩි වුණා..

"මොකෝ බං උඹ මූණ එල්ලගෙන ඉන්නෙ.. අදත් අරකිගෙන් කෝල් එකක් නැද්ද.."

"හ්ම්.."

ගාලු මුහුද පිසගෙන ආපු සිහින් සුළං රැල්ලක් මගේ කොණ්ඩෙ අවුල් කරද්දී මම මගේ අතකින් මූණට වැටුන කොණ්ඩෙ උඩු අතට පීරුවා..

"මම උඹට කලිනුත් කිව්වානෙ බං.. ඕක උඹට හරියන මගුලක් නෙමෙයි.."

"මටත් දැන් ඒක තේරිලා තියෙන්නේ බං.. වෙලාවකට හිතෙනවා මං ඕකිට කැමැත්ත දෙනකොට ගංජාවත් ගහලා හිටියාද කියලා.." මම එහෙම කිව්වාම මගේ කර වටේ අතක් දාගත්ත විහස් සද්දෙන් හිනා වුණා..

"වෙන්නත් බැරි කමක් නෑ.. මොකද මොළයක් තියෙන එකෙක් ඕකිත් එක්ක සෙට් වෙනවාද.. මං කියන්න ද උඹට වැඩක්.."

"මොකක්ද.."

"ඒකිත් උඹව කෙයාර් නොකරන එකේ උඹත් ඒකිව ෂේප් එකේ මග ඇරලා ඉඳපන්.. මුහුදෙ එක මාලුවාද බං ඉන්නෙ.. ඔන්න බලපන්කො මම හූනා කිව්වා වගේ කියනවා උඹට අද දවස ඇතුළත උඹේ ඉරණම්කාරයා හම්බවෙනවා.. ඕ යෑස්.."

Never Again [Completed]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin