09📖️

2.2K 559 116
                                    

සහෝදර බැඳීම කියන්නේ අපේ සම් මස් නහර විනිවිද ගියපු ලේ වලම තියෙන බැඳීමක්.. මේ ලෝකෙ කොහේ කොතනක කොහොම ජීවත් උනත් ඇස් මානෙට ආපු නිමේ⁣ෂෙකින් අපිට ඒ බැඳීම දැනෙන්න ගන්නවා.. ඒක මම අද මගේ ඇස් දෙකෙන්ම දැක්කා.. තමන්ගෙම අක්කා කියලාවත් නොදැන ගීෂ් එයාගෙ අක්කා වෙනුවෙන් කේන්තිගත්ත විදිහ දුක් වුන විදිහ දැක්කාම මගේ ඇස් වලටත් කඳුලු ඉනුවා..

"ශශිනි අක්කා.."

"මල්ලී.." මාව දැකපු ශශිනි අක්කා⁣ අඬාගෙන මට තුරුලු වෙද්දී මම එයා ඉස්සරහා ඉදපු කොල්ලා දිහා රවලා බැලුවා..

"ලැජ්ජා නැද්ද මිනිහෝ මහපාර මැද කෙල්ලොන්ට අත උස්සන්න.."

"මගේ කෙල්ලට මං අත ඉස්සුවාම උඹට ඇති අමාරුව මොකක්ද යකෝ.." ඒ කොල්ලාත් මට කේන්තියෙන් කෑගහද්දී මම එයාගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙකට යනකම්ම බැල්මක් හෙලුවේ අප්පිරියාවෙන්..

"කවුද අක්කා මේ පොලොස් කොට්ටෝරුවා.." උගේ ප්‍රශ්නේට උත්තරයක් නොදීම මම මගේ අතේ එල්ලිලා අඬ අඬා ඉදපු අක්කාගෙන් ඇහුවා..

"මම තමයි මෙයාව මැරි කරන්න ඉන්නෙ.. තමුන්ට ඒ ගැන මොකක්හරි ප්‍රශ්නයක් තියෙද.."

"ආ ඒ තමුසෙද.. අනේ ඇත්තට ලොකු මාමාගෙත් ඇස් පොට්ට වෙලාද දන්නෙ නෑ මේ වගේ ගංකබරයෙක්ට අපේ අක්කාව දෙන්න හදන්නේ.. මේ හලෝ මෙන්න මේ ටික හොදට අහගන්නවා තමුසෙට කවදාවත් අපේ අක්කාව ලැබෙන්නේ නෑ.. කොහොමත් අද මේ සිද්ද උන දෙයින් පස්සෙ නම් ඒක කොහොමටවත් වෙන්න මම ඉඩතියන්නෙ නෑ.. මහපාරෙ දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා ⁣කෙල්ලෙක්ට අත උස්සන එක නියම පිරිමිකමක් කියලා ද තමුසෙ හිතාගෙන ඉන්නෙ.."

"මේහ් මට තමුසෙගෙ බයිලා වලින් වැඩක් නෑ.. ශශිනි මෙහාට වරෙන්.."

"අනේ මහීම මට බෑ.."

"කටවහපන් ### තෝ කරන්න ඕන මම කියන දේ මිසක් තොට ඕන දේවල් නෙමෙයි.. දැනගනින් අපේ කසාදෙ තීන්දු වෙලා ඉවරයි.."

"එහෙමයි කියලා තමුසෙත් එක්ක හොටෙල් රූම්ස් ගානෙ රිංගන්න මට බෑ මිනිහෝ.. මම ඒ වගේ ජරා කෙල්ලෙක් නෙමෙයි.."

"උඹට මම...." ශශිනි අක්කාගෙ කතාවත් එක්ක මගේ ඇස් නළලට යද්දී මහීම මගේ ළඟ ඉදපු අක්කාට ගහන්න ආයෙත් අත ඉස්සුවාත් අපේ ඉස්සරහට ආපු ගීෂ් එයාගෙ අතින් අල්ලගත්තා..

Never Again [Completed]Where stories live. Discover now