සමහර බැඳීම් තියෙනවා ඒවා ඇති වෙන්නෙ සංසාර පුරුද්දට.. අපිට කෙනෙක්ව දැකලා පුරුදුයි වගේ හිතෙන්නේ කලින් සංසාරෙ කොතනකදිම හරි අපිට ඒ අයව මුණ ගැහිලා තියෙන නිසා.. ඒ නිසා වෙන්න ඇති එයාව දැකපු ගමන් මගේ හිතත් එයාට ඇදිලා යන්න ඇත්තෙ.. ඒත් ඇත්තටම එයා කවුද කියලා දැනගත්තාට පස්සෙ මගේ හිතට දැනුණ සතුට මෙහෙමයි කියලා විස්තර කරන්න බැහැ.. මං දන්නෑ.. මට කියාගන්න තේරෙන්නෙ නෑ.. වචනයෙන් විස්තර කරන්න නොතේරෙන සතුටු හැඟීමක් හදවතේ හිර වෙලා.. ඒ එයා නිසා.. මගේ මස්සිනා.. වාගීෂ දේවාන්ශ් එදිරිසූරිය.. මගේ ගීෂ්..
කතාවට කියන්නෙ නෑනාව අයිති මස්සිනාට කියලානෙ.. ඒත් ඉතිං මස්සිනාව මස්සිනාට අයිති වෙන්නත් බැරි කමක් නෑනෙ.. කොහොමත් එයාට නෑනලා ඇත්තෙත් නැති එකේ මේ මාව එයාගෙම කරගත්තාම මොකද වෙන්නෙ..
ඒත් එක්කම තමයි මගේ ෆෝන් එක රින්ග් වුනේ.. කෝල් එක අයියාගෙන් කියලා දැක්කාම මගේ මූණ හිනාවකින් පිරිලා ගියා..
"ලොකූ.." ෆෝන් එකට ආන්සර් කරපු මං රූම් එක දෙවනත් වෙන්න කෑගැහුවා..
"අම්මෝහ් බං මගේ කන.. ටකරමකට ගල් ගහනවා වගේ.."
"යන්න අනේ.. ඔයා හරි නරකයි අයියා.. මැරි කරාට පස්සෙ ඔයාට මාව අමතකම වෙලා.. දැන් ඉතිං හුරතල් කරන්න අරයා ඉන්නවානෙ.."
"රෂී.. මෙන්න මල්ලි ඔයාට මොනවාද කියනවා.." අයියා අක්කාට කෑගහනවා ඇහෙද්දී තමයි මට තරු පෙනුනෙ..
"ඒයි මෝඩ බත් කන හරකෝ.. කලින් කිව්වෙ නැත්තෙ මොකද අක්කා ළඟ ඉන්නවා කියලා.. ඉන්නවාකො මං ගෙදර ආවාම තමුසෙව අල්ලගන්නම්.."
"ඒකට ඉතිං ගෙදර එන්න ඕනනෙ.. කැම්පස් ආවා ආවාමයි අපිව මතකවත් නෑ.. මොකද ඔහෙන් කෙල්ලෙක්වත් සෙට් කරගත්තාද.."
"එච්චරයි දැන් මට අඩු.." මම කිව්වෙ මවාගත්ත තරහකින්..
"චූටි.."
"චූටි නෑ චූටි මැරිලා.."
"එහෙනම් ඔය කතා කරන්නෙ.."
"ඒ චූටිගෙ හොල්මන.." මම එහෙම කිව්වාම අයියා සද්දෙන් හිනා වුණා..
"ඔයා නැතුව මුලු ගෙදරම පාලුවට ගිහින් චූටි.. අම්මායි තාත්තායිත් ඉන්නෙ හරි දුකෙන්.. අම්මාටත් වඩා තාත්තා.. ඔයා ඉතිං එයාගෙ පණනෙ.."
ESTÁS LEYENDO
Never Again [Completed]
Fanficපෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤