Author Pov
"ඇයි ඔයා මේ දේවල් කරන්නේ.."
ජිමින් ජන්කුක්ගේ ඇස් දිහාම බලන් ඇහුවේ ජන්කුක් පෙව්ව ඔක්කොම සුප් බීලා...
ඒ ප්රශ්නෙට ජන්කුක් කිසිම කලබලයක් නැතුව සුප් බෝව්ල් එක ටේබල් එක උඩින් තියලා ජිමින්ගේ කට පිහදෑවා...
"මන් ඔයාගෙන් ඇහුවේ ජන්කුක්..."
ජන්කුක් ජිමින්ව උස්සලා ඇදෙන් තියන්න ලෑස්ති වෙද්දි ජිමින් ජන්කුක්ගේ ටීෂර්ට් එකෙන් පොඩි කරලා අල්ලගත්තා....
"ඔයා මගේ නිසා..."
ජන්කුක් ජිමින්ගේ ඇස් දිහා බලාගෙනම කිව්වේ කිසිම සැකයක් නැතුව...
එයාගේ ඇස් වල ඒ තියෙන ආශාව ජිමින් හොදටම දැක්කා..
ජිමින් ජන්කුක්ගේ ඇස් පීර පීර හෙව්වේ තමා වෙනුවෙන් පොඩිම පොඩි ආදරයක් උනත් එයාට දැකගන්න ලැබුනේ,රාගය
ආශාව
උමතුවවිතරමයි.....
ජිමින් ජන්කුක්ට ආදරේ කලේ නෑ කොහෙත්ම!ඒත්.....
ජිමින් බලාපොරොත්තු උනා ජන්කුක් එයා ගැන පොඩ්ඩක් හරි හිතනවා ඇති කියලා..
එහෙම නැත්තන් ඇයි ජන්කුක් කරන්න ඕන හැම නරක වැඩක්ම කරලා,
කියන්න ඕන හැම කැත වචනයක්ම කියලා,
ජිමින්ව මෙහෙම බලාගන්නේ...?"ඔ ඔයා මට ආදරෙයිද ජන්කුක්..."
ජිමින්ට රිද්දෙන්නෙ නැතිවෙන්න පරිස්සමින් උස්සලා එයාව ඇදේ දිගාකෙරෙව්වම ජිමින් ආයෙත් ජන්කුක් දිහා බැලුවා...
"නෑ!"
ජන්කුක් කිසිම සැකයක් නැතුව , කිසිම කලබලයක් නැතුව , හරිම ලේසියෙන් කිව්වා...
"එ එහෙනම් ඇයි ඔයා මෙහෙම කරන්නේ..."
ජිමින්ගේ ඩුවට් එක ටිකක් උස්සලා ඒක ඇතුලට ආව ජන්කුක්ගෙන් ජිමින් ඇහුවා...
"මොකක්ද..."
"ඇයි මාව බලාගන්නෙ...ඔයාට ඔයාට පුලුවන්නෙ ඔයාට ඕන දේ කරගෙන මාව එහෙම්මම දාලා යන්න..."
"මන් තාම එච්චරටම අමනුස්සයෙක් වෙලා නෑ ජිමින්...ඒත් ඔයා අද කරපු දේම ආයෙත් කලොත් එහෙම වෙන්න බැරිකමකුත් නෑ!"
YOU ARE READING
ᑕʜᴀɪɴᴇᴅ ᖇʜʏᴛʜᴍ| ᒎɪᴋᴏᴏᴋ | Oɴɢᴏɪɴɢ
Fanfictionනෑ එතන තිබුනේ ආදරයක්... තිබුනේ එක් අයකුගේ උමතුවක්... උමතුව රාගයට හැරුණු විට.. ඔහුගේ පාලනය ගිලිහී ගියා.. නමුදු ඔහු නැවත හැරී බලන විට... සෑම දෙයම අවසන්... ඔහුගේ 'ඔහු' වෙනත් කෙනෙකුගේ වී හමාරයි.. ඉතින් ඔහු අතෑරියා... 'ඔහුව'... ඔහු අතෑරියා... 'ඔහුගේ සෑමද...