Author Pov
"ජ් ජන්කුක්...."
ඔව් ඒ ඇවිත් හිටියේ ජන්කුක්....
එයාගේ ඇස් දෙක රතුවෙලා තිබ්බා...
එයාගේ අත් මිටි මෙලවිලා තිබ්බ නිසාමද කොහෙදෝ ඒ අත්වල නහර ඉලිප්පිලා තිබ්බා..එයා ඒ ගිනිගන්න ඇස් වලින් එක එල්ලෙ බලන් හිටියේ ටේමින් දිහා....
එයා හොදටම දැක්කා ටේමින් ජිමින්ගේ ඉනෙන් අල්ලන් ඩාන්ස් කරපු හැටි...
ඒ දෙන්නා කිස් කරන්න ගිය හැටි...ජන්කුක් එන්න තත්පරයක් පරක්කු උනානම් වෙන්න ගිය දේ ගැන හිතුවමත් ජන්කුක්ට දැනුනේ එයාව ගිනිගන්නවා වගේ...
එයාගේ පපුවේ ඇලිලා එයා දිහා බය වෙලා ඉන්න ජිමින්ගේ අත තදට මිරිකපු ජන්කුක් ජිමින්ව ඇදන් එතනින් යන්න හැදුවේ එක එක සිංදු දෝංකාර දෙන , එක එක තද පාට ලයිට් පත්තුවෙන ඝෝෂාකාරි ක්ලබ් එකේ මේ සිදුවිම ගැන දන්නේ ජන්කුක් , ජිමින් , ටේමින් තුන්දෙනාම විතරයි....
ජන්කුක් ජිමින්ව ඇදගෙන යන්න ගියත් ජිමින්ගේ අනික් අතින් ටේමින් ඇද්දේ ජිමින් ජන්කුක්ගේ ග්‍රහණෙන් ගැලවිලා ටේමින්ගේ ඇගේ වදිද්දි....
එවෙලේ ජන්කුක් ජිමින් දිහා වගේම ටේමින් දිහා බැලුව බැල්මට ජිමින්ගෙ ඇග විතරක් නෙවේ ටේමින්ගේ ඇගත් හෙල්ලිලා ගියා...
ජන්කුක් හයියෙන් හයියෙන් හුස්මගත්තේ එයාගේ කේන්තිය නිසා මෙතන ඉන්න ටේමින්ව මරන්න බැරි කමට...
පුලුවන් තරමක් තමන්ව කාම් කරගත්ත ජන්කුක් රවල බැලුවෙ ජිමින්ගේ අතෙන් අල්ලන් ඉන්න ටේමින්ගෙ අත දිහා...
"ජිමින්...."
ජන්කුක් කිව්වෙ එක වචනයක් උනත් ඒ වචනෙ අස්සෙ තියෙන ක්‍රෝධය ජිමින්ට තේරුම්ගන්න වැඩිවෙලාවක් ගියේ නැ..
ජන්කුක්ගේ ඒ ගැඹුරු කටහඩ නිසා ජිමින්ගේ මුලු ඇගම හිරිවැටිලා ගියේ බයට...
"ඔයා යන්න ජන්කුක් ජිමින්ව මන් එක්කන් එන්නම්..."
ජිමින්ව තවත් ලගට ගත්ත ටේමින් කියද්දි ජන්කුක් අත මිටි මොලවගෙන ඇස් වහගෙන හොද හුස්මක් පාත දැම්මේ ටේමින්ව මෙතනම මරන්න තියෙන අදහස යටපත් කරගෙන....
YOU ARE READING
ᑕʜᴀɪɴᴇᴅ ᖇʜʏᴛʜᴍ| ᒎɪᴋᴏᴏᴋ | Oɴɢᴏɪɴɢ
Fanfictionනෑ එතන තිබුනේ ආදරයක්... තිබුනේ එක් අයකුගේ උමතුවක්... උමතුව රාගයට හැරුණු විට.. ඔහුගේ පාලනය ගිලිහී ගියා.. නමුදු ඔහු නැවත හැරී බලන විට... සෑම දෙයම අවසන්... ඔහුගේ 'ඔහු' වෙනත් කෙනෙකුගේ වී හමාරයි.. ඉතින් ඔහු අතෑරියා... 'ඔහුව'... ඔහු අතෑරියා... 'ඔහුගේ සෑමද...