Author Pov
හොද ඇදුමක් ඇදන් එන ජිමින්ව දැක්කම ටේමින් දැනගත්තා ජිමින් එලියට යන්න කැමති උනා කියලා...
ලොකු හිනාවක් මූනේ තියන් පුටුවෙන් නැගිට්ට ටේමින් ගිහින් ජිමින්ගෙ අතින් අල්ලගත්තේ ජිමින් එයා දිහා බලන් හිනාවෙද්දි....
කාටත් නොකියම එලියට යන දෙන්නගේ එකිනෙකට පැටලුණු අත් දිහා බලන් ටේ හිටියේ කියාගන්න බැරි හැඟීමක් මූනේ තියාගෙන.....
කා එක ලගට ආව ටේමින් ජිමින්ට නගින්න කා එකේ දොරත් ඇරලා දුන්නේ ජිමින් ඇස් රෝල් කරලා හිනාවෙද්දි...
පස්සේ කා එකට නැග්ග ටේමිනුත් සීට් බෙල්ට් එක දාගෙන කා එක ඩ්‍රයිබ් කරන්න පටන් ගත්තේ එයාලගේ මේ දවස ගතකරන්න...
ඉස්සෙල්ලම ලස්සන රොමෑන්ටික් කැෆේ එකකට ආව ඒ දෙන්නා දැනටමත් උදේට කෑව හින්දා දැනට කැපචිනෝ දෙකක් ඕඩර් කරලා ඉදගත්තා....
"ඉතින් ජිමින් මේ ටිකේ කොහොමද වැඩ එහෙම..."
"මොකුත් නෑ හියොන්...මේ ටිකේ ෆ්‍රී මන්..."
එතනින් පටන්ගත්ත එයාලගේ කතාබහා පැය ගානක් යනකන් දික්ගැස්සුනේ මේසෙ උඩ තිබ්බ රස කැපචිනෝ සුවදත් එක්කමයි....
පැයකින් වගේ කැෆේ එකෙන් එලියට ආව ජිමින් ටේමින් දෙන්නා අත් අල්ලන්ම කා එකට නැග්ගේ පාක් එකකට යන්න.
In Hawaii
"වාව් ඒ දෙන්නා අතුත් අල්ලන් දැක්කද?!"
"අනේහ් ඒ දෙන්නගේ හයිට් ඩිෆරන්ස් එක බලන්නකෝ හලෝ....අනේහ් හව් කියුට්!!"
"අනේ බලන්නකෝ එයා එක්ක ඉද්දි ජිමින්ගේ හිනාව!අනේ එයාගේ ඇස් පියවෙලා එයාගේ හිනාව හින්දා!!"
ජන්කුක් දැනට හිටිය ඩාන්ස් ප්‍රැක්ටිස් රූම් එකේ හැමතැනම වගේ ඇහුනේ ඔය වගේ කතා...
ඉස්සෙල්ල ඔය කතා ගැන එයාට වැඩක් නැති උනත් ජිමින්ගේ නම ඇහුන ගමන් ර්‍යා ඇලට් උනා...
"කෝච්නිම්...මොකක්ද ඔයාල කතාකරන්නේ.."
එයා කෝච්ගෙන් ඇහුවම කෝච් එයාට එයාගේ ෆෝන් එක පෙන්නුවේ ඒ දැක්ක දේ නිසා ජන්කුක්ගේ ඇග පුරා කේන්තිය විහිදිලා යද්දි....
YOU ARE READING
ᑕʜᴀɪɴᴇᴅ ᖇʜʏᴛʜᴍ| ᒎɪᴋᴏᴏᴋ | Oɴɢᴏɪɴɢ
Fanfictionනෑ එතන තිබුනේ ආදරයක්... තිබුනේ එක් අයකුගේ උමතුවක්... උමතුව රාගයට හැරුණු විට.. ඔහුගේ පාලනය ගිලිහී ගියා.. නමුදු ඔහු නැවත හැරී බලන විට... සෑම දෙයම අවසන්... ඔහුගේ 'ඔහු' වෙනත් කෙනෙකුගේ වී හමාරයි.. ඉතින් ඔහු අතෑරියා... 'ඔහුව'... ඔහු අතෑරියා... 'ඔහුගේ සෑමද...