Author Pov
අවුරුද්දකට කලින් වෙච්ච දේ හිත හිතම ජිමින් එයාපෝට් එකෙන් පිටත්වෙලා කා එකේ අනික් අය එක්කම ගෙදරට ආවා...
ගෙදර ඇවිල්ලත් වෙනද වගේම කෙලින්ම කාමරේට ගිහින් දොරවහගත්ත ජිමින් ඇදට පැනලා ඇස් වහගත්තේ මේ ටිකේ එයා නිවාඩුවක් අරන් තිබ්බ හින්දා...
ඇස් වහගත්ත ජිමින්ට නින්ද යාගෙන එද්දිම එයා ඇහැරුනේ කෝල් එකක් ආව හින්දා....
Jk
Callingටක්ගාලා කෝල් එක ආන්සර් කරපු ජිමින් ෆෝන් එක කනේ තියාගත්තා...
"හෙලෝ ජන්කුක්.."
"කොහෙද ඉන්නේ?"
"ගෙදර ඇයි?"
"හ්ම්....මොනාහරි ඕනද?"
"ආ?"
"මෙහෙන් තමුන්ට මොනාහරි ඕනද?"
"ආ...න් නෑ එපා ජන්කුක්.."
කවදාවත් නැතුව ජන්කුක් මෙහෙම අහපු එකට එයාට පුදුම හිතුනා....මොකද ජන්කුක් කියන්නෙ ජිමින්ට ඕන දේ ගැන හිතන කෙනෙක් නෙවේ...ඒත්....අද....
"නෑ නෙවේ...කියනවා...!"
ජන්කුක් සැරෙන් කිව්වම ජිමින් එයාට ඕන කරලා තිබ්බ බඩු දෙකක් තුනක් කිව්වා...
"හ්ම්......මන් ගේන්නම්..."
"හරි ජන්කුක්...මන් තියන්නම් එහෙනම්..."
"ෆෝන් එක කට් කරන්න මොකද ඔච්චර හදිසිය ආ?"
ජන්කුක් ඇහුවම ජිමින් තවත් පුදුම උනා...ජන්කුක් කවදාවත් ජිමින් එක්ක කෝල් වලින් එච්චර වෙලා කතා කරන කෙනෙක් නෙවේ...
"එ එහෙම නෑ ජන්කුක්..."
"හ්ම්...තමුන් කාලද..."
"තාම නෑ ජන්කුක්...මන් දැන් නැගිට්ටෙ..."
"හ්ම් ඉක්මනට කනවා..."
"ම්ම්....ජන්කුක්...?"
ජිමින් සැකෙන් වගේ ජන්කුක්ට කතාකලේ එයාගේ හිතේ තිබ්බ දේ අහන්න...
"ඇයි?"
"ම් මට දෙයක් අහන්න ඕනේ..."
"අහන්න ඉතින්...."
ජන්කුක්ගේ කටහඩේ කලින් තිබ්බ තරහව , සීතල තවදුරටත් තිබ්බේ නැ....ඉතින් ජිමින්ට හිතුනේ එක දෙයයි...
YOU ARE READING
ᑕʜᴀɪɴᴇᴅ ᖇʜʏᴛʜᴍ| ᒎɪᴋᴏᴏᴋ | Oɴɢᴏɪɴɢ
Fiksi Penggemarනෑ එතන තිබුනේ ආදරයක්... තිබුනේ එක් අයකුගේ උමතුවක්... උමතුව රාගයට හැරුණු විට.. ඔහුගේ පාලනය ගිලිහී ගියා.. නමුදු ඔහු නැවත හැරී බලන විට... සෑම දෙයම අවසන්... ඔහුගේ 'ඔහු' වෙනත් කෙනෙකුගේ වී හමාරයි.. ඉතින් ඔහු අතෑරියා... 'ඔහුව'... ඔහු අතෑරියා... 'ඔහුගේ සෑමද...