මේ තරම් වෙලා හීන ලෝකෙ සතුටින් හිටිය බනීගේ ඇස් වලින් නොනවත්වා කදුළු ගලන්න ගත්තා.
දවස් තුනක් ගෙවිලා ගියේ හීනෙන් වගේ.චෙන් චින් වගේම බනීත් ලිහාගන්න බැරි නූල් බොලෙක පැටලිලා හිටියා...
අලුත් දවසකට එළිය වැටෙන පාන්දර ලෝකයක් නිදන් ඉද්දී බනී ගියේ මනමාලිව එක්ක එන්න.ඔව් යීබොගෙ මනමාලි....
හැමෝටම හොරෙන් යැන්ලිත් එක්ක චින්ගේ නිවස අසලට ගිය බනී කාටවත් නොපෙනෙන්න චින්ව car එකේ දාගෙන කලින් කතා කරගත්තු තැනට වේගෙන් ඉගිල්ලුනා.
car එක නවත්තනකොටම car එකෙන් බැහැපු චින් අඩාගෙනම ගිහිං චෙන්ව බදා ගත්තා.බනී වගේම යැන්ලි ඇස් දෙකෙ කදුළු පුරවන් මේ දිහා බලන් හිටියෙ කියාගන්න බැරි හැඟීමක් හිතට දැනෙද්දි....
දවස් තුනකට කලින් හිටි හැටියේ සිදු උණ ,ජීවිත වෙනස් කරපු සිදුවීම් කදුළු අතරින්ම බනී ට ආයෙමත් මතක් උණා.
හොස්පිට්ල් එකට ගිහිං බනී තුවාල වලට බෙහෙත් දාගන්න තුරු චෙන් චින් එක්ක වෙනත් doctor කෙනෙක්ව මුණ ගැහුනා.බෙහෙත් දාගත්තු බනී ආපහු එද්දී මේ වෙනකං විටින් විට අඬ අඬ හිටපු චින් එක්ක චෙනුත් අඬ අඬ හිටියා.බනී එතන්ට ගියේ කටත් පිට පෙරළන ගමන්....
"අඩොහ්,මොකක්ද බන් මේ .නවත්තපල්ලා ඔය ඇඬිල්ල..."
හෙතු අහන්නෙ නැතුවම බනී කෑ ගැහුවේ පුංචි කාලෙදිවත් අඬාපු නැති චෙන් අඩනවා බලන් ඉන්න බැරිව යී.
චෙන් දුවන් ඇවිත් බනී ව බදාගත්තා."චෙන්.."
"බනී මම....බනී... "
"කියපන් යකෝ..."
"බනී චින් pregnat.... ඒ මගේ දරුවා බනී..."
චෙන් කිව්වේ ඉකිගහන ගමන් වෙද්දී,මොනා කියන්නද මොනා කරන්නද කියලා බනීට හිතාගන්න බැරි උණා.එකිනෙකාට පණවගේ ආදරේ කරපු තමන්ගේ හොඳම යාලුවො දෙන්නා ,එකිනෙකා වෙනුවෙන්ම තමන් එක්වෙනවාට වඩා වෙන් වෙන එක සුදුසුයි කියලා තීරණේ කරලා තිබුණු මොහොතක දෙන්නම තමන්ගේ පවුල් වලට හුගාක් ආදරේ කරපු නිසාම ,කල් යද්දී කොහොමහරි හිත හදන් ඉස්සරහට යාවි කියලා බනී ත් විස්වාස කරා.
එත් සතුටත් දුකත් එකටම අරගෙන
පුන්චි කිරි කැටියෙක් එයාලාගේ ලොකෙට ඇවිත් තිබුණා....දවස් දෙකක් පුරා ඇඬිලි දෙඩිලි ප්‍රස්න කිරීම් ගන්නාවකට පස්සෙ අද මේ විදිහට එකතු වෙන්න තුන්දෙනාත් එක්ක තීරණේ කරේ හරි අමාරුවෙන්.තමන්ගේ ආදරේ උණත් මුළු ජීවිතේම උණත් තමන්ගේ පවුල වෙනුවෙන් අත අරින්න චෙන් ටත් චිටත් ශක්තිය තිබුණත්, අලුත් ආරංචියත් එක්ක ඒ ශක්තිය නැති වෙලා යද්දී,තමන්ගේ නූපන් දරුවා වෙනුවෙන් මුළු ලෝකයක් එක්ක හරි සටන් වදින්න මේ දෙන්නා තීරණේ කරලා තිබුණා....
ඒත් එක්කම චෙන්ගේත් චින්ගේත් විවාහය රහසින්ම සිදුකරන්න තීරණේ උණේ යැන්ලි පමණක් ඒ ගැන දැනුවත් වෙද්දී.ෆෙමින්ග් වගේම වෙන් දෙන්නම මේ ගැන නොදැන හිටියොත් වැන්ග්ගෙන් ඒ දෙන්නට එල්ලවෙන පීඩනේ ටිකක් හරි අඩුවේවි කියලා මේ සහෝදර සහෝදරියෝ හිතුවා.
චින් යිබෝ විවාහයේ වැඩ කටයුතු තවත් තැනක ජයටම සූදානම් වෙද්දී ,කාටත් හොරෙන් මේ වෙනකොට චෙන් චින් විවාහය සිද්ධවෙලා තිබුණා.ඇස් වල පිරුණු කදුළුත් එක්ක බනී ශාක්ෂියට අත්සන් කරේ
"සමාවෙන්න යීබෝ..."කියලා රහසින්ම කොදුරන ගමන්.....
තමන්ගේ හොදම යාළුවෝ දෙන්නා කදුළු අතරින් හරි එකතු උණ එක බනී ට සතුටක් උණත්,යීබෝගේ විවාහය නැවතුණ එක ගැන බනී ට අවංකව සතුටු වෙන්න බැරි උනේ හැමදාමත් හදවතින්ම යීබෝගේ සතුට ගැන විතරක් හිතපු නිසා....
මෙතනින් පස්සෙ යීබොට මුහුණ දෙන්න වෙන ප්‍රස්න ගැන කල්පනා කරපු බනී හදවතින්ම යීබෝ ගැන දුක් උණා....
මතුසම්බන්ධයි....
👩💻 dil🌷🌷🌷🌷
ඔන්න බෝනස් එකත් දුන්නා ළමයි....
මේ වෙනකං කතාව මන් කලින් ලියලා තිබුණෙ වස්තුලා.ආයි ටයිප් කරන ගමන් පොඩි පොඩි වෙනස්කම් කරා විතරයි .
ඉතිං මුලින්ම කිව්වා වගේ මන් කවුරු හරි හොඳක් කියනෝට ගොඩක් ආස කෙනෙක් 😊😊 🥺🥺🤧🤧 පළවැනි කතාව නිසා එකතු වෙලා ඉන්න පිරිස අඩුයි කියලා දන්නවා.ඉන්න පිරිස මන් හිතුවටත් වඩා වැඩියි .ඒ ගැන හැමෝටම thanx ❤️❤️❤️❤️ ඒ වුණාට බලන අයගෙන් vote කරන්නේ කීප දෙනයි.ඉතිං මගේ උත්සාහය සාර්ථක නැද්දොත් කියලා හිතෙනෝ 🤧🤧🥺🥺🥺😭😭 හැමෝම බිසී අතරෙ කියවන්නේ කියලා දන්නෝ.ඉතිං comment නැතත් කමක් නෑ කතාව හොද නම් vote හරි කරන් යන්න වස්තුලා.ආසාවෙන් ඉතිරි ටික ලියන්න ශක්තියක් වේවි මට.🥺🥺 මුල ඉදන්ම comment කරපු vote කරපු හැමෝටම ගොඩක් thank you.....🥰🥰🥰🥰🥰
YOU ARE READING
💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -
Romanceසිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ......" ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්රථම වගේම තාමත් අමතක කරන්න බැරි...