හැමදාමත් ඕනවාටත් වඩා හැඟීම් ලියවෙලා තිබුණු ඒ මූණ හිස් කඩදාසියක් වගේ වෙද්දී ,තාමත් කවුළුවෙන් ඈත තැනක ඒ ඇස් නතර වෙලා තිබුණෙ තවත් කෙනෙක් එතන නෑ වගේ....
සිහිනෙන් දකිනා නුඹේ රූපය.....
බනී අවදි උණ මොහොතේ නිහඩව සිටියත් ,යීබෝ එකදිගට තමන් ළඟ ඉන්නවා දැක්කම නොසන්සුන් උණා.
"එළියට යන්න..."
බනී බැරිම තැන කෑගැහුවා.චෙන්ගේ කතාවත් බනී අවදි වීමත් නිසා සතුටින් පිරිලා තිබුණු යීබෝගේ හිත එක තත්පරෙන් බිදිලා ගියා උණත් යීබෝ දහිරිය ගත්තා.
"ඔයා හොඳ වෙනකං....මං මෙතනින් හෙල්ලෙන්නෙ නෑ බනී...."
බිදුණු හිත අමාරුවෙන් එක් තැන් කරගනිමින් යීබෝ කිව්වේ ඇහෙන නෑහෙන හඩින්....
"මෙතන කවුරුහරි ඉන්න එක මට වදයක් යීබෝ....මට පාඩුවේ ඉන්න දීලා යන්න plz...."
හිත රිදුණත් යීබොට එතනින් ඉන්න ඕනා උණත් බනී ට විවේකය අත්‍යාවශ්‍යම නිසා අකමැත්තෙන් උණත් එළියට ආවා.
කාමරේ දොර ඉස්සරහා පුටුවකින් වාඩි උණ යීබෝ හිටියෙ දනිස් උඩ තියාගත්තු අත් එකට පටලවන් කල්පනා කරන ගමන් වෙද්දී කලබලෙන් තමන් වෙතට එන අඩි සද්දයක් යීබොට ඇහුනා...
'යැන්සි...'
හැම දේම දැනගෙන හිටියත් යැන්සිව දකින කොටම යීබොට අති උණේ නොරිස්සුමක් වෙද්දී යීබෝව දැක්කත් නොදැක්ක ගාණට යැන්සි යීබෝ පහුකරන් බනීගේ කාමරේට ගියේ යීබොට ගස්සන ගමන්...
යැන්සි පිටවෙන මොහොතක් එනකං යීබෝ බලන් හිටියෙ නොඉවසිල්ලෙන් වෙද්දී බැරිම තැන දොර ළඟට කිට්ටු උණ යීබො වීදුරු දොරෙන් අනිත් පැත්ත පෙනුණු පුංචි රවුමෙන් ඇතුලට එබිලා බැලුවා.බනී ට ඕනෑවටත් වඩා කිට්ටු උණ යැන්සි හිටියෙ බනී ට සුප් එකක් පොවන ගමන්....විටින් විට ටිෂු එකක් අරන් බනීගේ කට පිහන යැන්සිත් , පුරුදුකාරයෙක් වගේ කට ඇර ඇර සුප් එක බොන බනීත් දිහා යීබෝ බලන් හිටියෙ නොරිස්සුමින්....
'ඔයාට...ඔයාට මං ඉන්න එක තමා වදයක් උනෙ'
මනසින් විදිනා නුඹේ උණුහුම.....
YOU ARE READING
💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -
Romanceසිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ......" ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි...