💚 Chapter 34 ❤️

1K 182 68
                                    

යීබෝගේ සුසුම් හඬ මැද්දෙම මොකුත් නෑසුන නොදැනුණ ගාණට යීබෝ ඇඟ උඩ ඉද්දීම බනී නින්දට වැටුණා.....

යීබෝ....

දන්නවද අද නම් නිදාගන්නවා තියා හිතන්නවත් බැරි දවසක්.... ජීවිතේ පළවැනි පාරට....ඇත්තටම දෙවනි පාරට මන් වෙන කෙනෙකුට මේ තරම් ලංවෙලා රැයක් ගත කරන්නේ....ඇත්ත....දැන් මාස ගාණක් මන් බනී එක්ක මේ ඇඳේ එකට නිදියනවා....

ඒත් මොකක්දෝ හේතුවකට මුළු දවසම අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම මගේ ඇගේ වෙළෙන්න, මට කිට්ටු වෙන්න,උත්සාහ කරත් කවදාවත් බනී ඇඳට ආවම මට කිට්ටු වෙන්න හැදුවේ නෑ. එක අතකට මන් ඒකට ඉඩ නොදුන්න නිසා වෙන්නත් පුළුවන්....ඒත් ඉස්සර හිටපු බනී ඉඩ නොදෙන නැති එක ගැන නම් සලකන කෙනෙක් නෙමෙ දෙයක් කරන්න හිතුණොත්....ඉතිං මට හිතෙන්නේ එයා උවමනාවෙන් ම පරිස්සම් උණා ඇඳේදි මට දුරින් ඉන්න....

ඉතිං අතපය හතර අතේ දාන් නිදා ගත්තත් උදේ නැගිටිනකං එහෙමම හිටියා මිසක් කවදාවත් මගේ ඇගේ ගෑවෙන්න ආවෙ නෑ.....

පළවෙනි දවස ගැන හිතනෝ නේද....ඔව් ඒ එදා අපෙ හනිමූන් එක දවසේ.... ඒ වචනෙ හරිද මන්දා....කොහොම හරි අපි අපෙ උණු දවසේ.එදා නම් ඈත් වෙලා ඉන්න බනී ටවත් මටවත් පොඩ්ඩක්වත් හිත දුන්නේ නෑ එළිවෙනකංම.ඒ දවස විතරක් නෙමෙ ඉන්පස්සේ ගෙවුනු එක දවසක්වත් එයාගෙන් දුරස් වෙලා ගෙවන්න මට ඕන උණේ ඒත් ඒ වගේ දවසක් ආයිමත් එන්න මේ තරම් පරක්කු වෙයි කියලත් මන් වගේම මගේ බනිත් හිතන්න නැතුව ඇති.....

මගේ බනී....මගේ රත්තරං....මගේ ඇගට යටවෙලා හොදට නිදි ඒ උණුසුම් හුස්ම කණ ළඟින් වදින වාරයක් ගානේ මන් පුදුම ඉවසිල්ලක් ඉවසුවේ....එදා මාව ඉල්ලලා කෑ ගහපු හැටි මගෙ කන් දෙකට ඇහෙනවා වගේ දැනුණා.හා පැටියෙක් වගේ මගේ උණුහුමට ගුලි උණ හැටි ආයිමත් මට විදින්න ඕන උණා.... එක ඇඳේ කොන් දෙකක ඉදලත් මගේ නින්ද හොරාගත්තු හා පැටියත් එක්ක මේ විදිහට මුළු රැයක් ගෙවාගන්නෙ කොහොමද කියලා මන් කල්පනා කරේ සියදහස් වෙනි වතාවටත් මන් කරපු දේ ගැන පසු තැවෙන ගමන්....

මගේ මැණික පුංචි බෝලයක් වගේ ගුලිවෙලා නිදියනවා දැක්කම ආස හිතුණත් මොකක්දෝ අහේතුක දුකක් ඒ හැම වෙලාවේම හිතට දැනුණා.නිදහසේ කුරුල්ලෙක් වගේ ඉන්න බනී ට මන් මහගොඩක් ආදරේ වෙද්දී චෙන්ගෙන් දැන ගත්තු දේවල් එක්ක තවත් ඒ විදිහට නිදියනවා බලන්න නම් හිත හදාගන්න බැරි උණා මට....ගුලි උණාවේ හැබැයි මගෙ උණුහුමේ....ඇද අද්දර තනිකමේ නෙමෙයි....

💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now