දහසක් වැඩ අස්සෙ උණත් ඉක්මනින් වැඩ ඉවර කරපු ඒ කෙනා විටින් විට දවස් කීපයක්ම බනී ව එක්ක එන්න univercity එක ළඟට ගියත් බනීට කතා නොකරම ආයිමත් හැරිලා නිවසට ගිය බවක් බනී දැනන් හිටියෙ නෑ.....
බනී නිවසට එද්දීත් යීබෝ ගෙදර ඇවිත් බව බනී දැන ගත්තෙ ගරාජ් එකේ තිබුන car එකෙන්.
'මෙච්චර වැඩ තියෙන කෙනා මොකද මේ දැන් නිතරම මන් එන්නත් කලින් ගෙදර එන්නේ....'
කල්පනා කරන ගමන් බනී සද්ද නැතිවම ගේ ඇතුලට ගියා.කවදාවත් නැතිව යීබො සාලේ තිබුණ සෝපාවෙන් වාඩි වෙලා දනිස් උඩ තිබුණු අත් මත මූණ සඟවන් හිටියා...
'හරියට එදා වගේ...මොකක් හරි අවුලක් වෙලා...'
මේ ගෙදරට ආපු මුල්ම දවස බනීට මතක් උණා....
සද්ද නැතුවම යීබොට කිට්ටු කරපු බනී සෝපාව පිටුපසින් හිට ගන්න ගමන් යීබොගෙ කර වටා දෑත් යැව්වෙ හැමදාම වගේ මුලින්ම ප්රතික්ෂේප නොකරත් හොදම හරියෙදි මඟ ඇරලා යන යීබොගෙ පුරුද්ද මතක් වෙලා හිනාවකුත් යන ගමන්.
බනී කිට්ටු වෙනකොටම යීබො ගැස්සුණත් සද්ද නැතිවම ඔළුව ඉස්සුවේ හරිම උදාසීන කමකින්. යීබෝගේ හිත කොහේදෝ කල්පනාවක අතර මං උණු බවක් බනී දැක්කා.
"හබියෝ...."
"ම්.."
"මොකුත් ප්රස්නයක්ද.."
..........
"බනී...."
"ආහ්....මොකක්ද කිව්වේ....ආයි කියන්න...."
..........
යීබෝගේ සද්දයක් නැති තැන බනී සෝපාවේ ඇන්දට අත තියලා සෝපාවට උඩින් යීබෝගේ ඇඟට පැන්නෙ කරෙ තිබුණු බෑග් එක ගලවලා පැත්තකට විසි කරන ගමන් වෙද්දී යීබෝව එහෙම්මම සෝපාව උඩ පෙරළ ගත්තා....සෝපාවේ පැති ඇන්දට යීබෝගෙ හිස තද වෙද්දී එක කකුලක් බිමටත් අනිත් එක සෝපාව උඩත් තියාගත්තු බනී යීබෝගේ මූණට කිට්ටු උණා....
YOU ARE READING
💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -
Romanceසිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ......" ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්රථම වගේම තාමත් අමතක කරන්න බැරි...