💚 Chapter 28 ❤️

1.1K 193 23
                                    

මුළු රෑම දැනුණ මූසල හැඟීම ආයීමත් හිතට දැනෙද්දී අසිහියෙන් වගේ car එකේ යතුර අතට ගත්තු යීබෝ ගෙයින් එළියට බැස්සා.....

යීබෝ එහෙමම ගියේ office එකට.කවදාවත් හිනාවක් නොවුණ ඒ මූණ අද වෙනස් වෙලා තියෙන හැටි දැක්කම office එකේ අය හොදටම බයවුණා....දුක කේන්තිය කලකිරීම එකපිට එක හිත පාරද්දී යීබෝ ගියේ වැන්ග් ගෙ කැබින් එකට.යීබෝ තමන්ගෙ කැබින් එකට එන එක අහම්බයක් වෙද්දී වැන්ග් පුදුම වෙලා බලන් හිටියා.

"පපා....ඇයි එහෙම කරේ...."

"මොන..වද යීබෝ...."

ඒ ගිනිපිටවෙන ඇස් මඟ අරින්නත් හයියක් නැති වෙද්දී වැන්ග් කලබල උණා.

"බනී ට....බනී ගෙ පපාට ඇයි එහෙම කරේ....ඇයි දැන්වත් එයාලාට පාඩුවේ ඉන්න දෙන්න බැරි උණේ....ඇයි එයාලගෙ හැමදේටම ඇගිලි ගහන්නෙ....ඇයි එයාලගෙ බිස්නස් වලට බාධා කරන්නේ...."

බනී ගෙ වචන හිත ඇතුලෙ දෝංකාර දෙදදී යීබෝ කෑ ගැහුවා.....

"තමුන්ගේ පපාගේ වැඩ නිසා මගේ පපා මැරෙන්න වැටිලා යීබෝ....හාට් ඇටෑk එන්න තරම් තමුන්ගේ පපා කොයි තරම් මගේ පපාට වද දෙන්න ඇතිද... තමුන්....තමුන්ගේ පවුලම දැන් වත් සෑහීමකට පත් වෙයිද..."
.
.
වැන්ග්, යීබෝ දිහා බලන් හිටියෙ පුදුම වෙලා.කවදාවත් තමන් මොන දේ කිව්වත් අහං හිටපු යීබෝ....තමන් කියන කියන හැමදේම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිහඬවම කරපු යීබෝ....අනිත් අය ගැන කවදාවත් හිතලා පුරුද්දක් නොතිබුණු යීබෝ ඇත්තටම වෙනස් වෙලා හිටියා.තමන් හිතපු විදිහටම බනී යීබෝව වෙනස් කරලා තිබුණා.තවත් කෙනෙක් වෙනුවෙන් කේන්ති ගන්න,රන්ඩු කරගන්න තරමට යීබෝ වෙනස් වෙලා හිටියා....

මුලින් යීබෝ කේන්ති අරන් ඉන්නෙ මොකටද කියලා නොතේරුණත් ආයි ආයි කේන්තියෙන් පිටවෙන යීබෝගේ වචන නිසා වැන්ග් හැමදේම ටිකින් ටික තේරුම් ගත්තා.

'ෆෙමින්ග්...බිස්නස් ප්‍රස්නයක් නිසා...ඔව් ස්ට්‍රෙස් එකට හාට් ඇටෑක් එන්න ඇති....'

"යීබෝ ඒත් මම...."

"ඇති පපා....මොකුත් කියන්න එපා....පපා කියන දේවල් මින් පස්සෙ මට අහන්න ඕනෑ නෑ....දැන්වත් මේක....මේක නවත්තන්න....නැත්තන් මම...."

💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now