~ 01

254 43 68
                                    


Award Ceremony එක ගොඩක් ඉහලින් කෙරුනා ... ඒ වගේම අදත් පිට පිට හතර වෙනි වතාවටත් හොදම බිස්නස්මන් උනේ එයාම තමා ..

' ඔව් .. මෙවරත් සම්මානය හිමි වන්නේ ... Alex Kim ... !! '

මුලු හෝල් එකම දෙදරලා යන්න ඇහුන ඒ නම එක්ක එයා සීට් එකෙන් නැගිට්ටා .. එයා බලාපොරොත්තු වෙලා හිටියා .... ඉතින් එයාට ඒක ලොකු පුදුමයක් නෙවෙයි ..

Alex සම්මානේ අතට ගනිද්දි එයාට වඩා සතුටින් හිටියේ ඕනෙවටත් වඩා දිලිසෙන්න ඇඳන් ඇවිත් හිටිය එයාගේ ඔම්මා ... Alex ගේ මූණේ ඒ තරම් interesting බවක් තිබුනෙත් නෑ වගේ මේ ceremony එකට ආව එක ගැන ...

°°°°°°°

" no way ඇලෙක්ස් .. ceremony එක ඉවර වෙලත් නෑ .. ඔයා මේ ඉන්න බිස්නස්මන් ලා එක්ක කතාබහ කරන්නැතුව ක්ලබ් ගානේ යන්න අහන්නේ පිස්සුද ? "
ඇලෙක්ස් ගේ ඔම්මා කාටත් නොපෙනෙන්න ඇලෙක්ස් ගේ අතක් කොනිත්තලා කනට කරලා කියද්දි ඇලෙක්ස් දත්මිටි කාලා අහක බලාගත්තා...

" okay එහෙනම් .. මේක ඉවර උන ගමන් මම යනවා .. "
ඇලෙක්ස් ඒක කිව්වෙ තර්ජනයකින් වගේ ...

.
.

" අදල් වාහනේ අරන් ගියාට පරිස්සමෙන් හොදේ .. බීලා drive කරලා මගෙ නම කැත කරලා තිබ්බොත් දන්නවනේ .. ! "
ඇලෙක්ස් ගේ ඔම්මා එහෙම කෑගහද්දි ඇලෙක්ස් නෑහුනා වගේ වාහනේ ට නැගලා සද්දෙන් දොර වහ ගත්තෙ නිදහසේ ක්ලබ් එකට යන්න ආසාවට ...

" යොබුසෙයෝ ...

ම්ම් මම එන ගමන් ...

Okay .. ඉක්මනට එන්න ..

හා කට්ටියටම කියන්න ... "
එයා කෝල් එක කට් කලේ වාහනේ පාරට දාන ගමන් .. ඇලෙක්ස් ගොඩක් වේගෙන් drive කරන කෙනෙක් ... කොහොමත් එයාලගේ බිස්නස් පවර්ස් නිසා ඒ තරම් නීති රීති පිලිපැදීමේ අවශ්‍යතාවයක් එයාට තිබ්බේ නෑ ....

එයා ක්ලබ් එකට යද්දිත් ක්ලබ් එක ඉස්සරහ එයාගේ යාලුවෝ එයා එනකන් බලන් හිටියා .. ඇලෙක්ස් වාහනෙන් බැහැලා වාහනේ යතුරත් අතට අරන් එතනම තම තමන්ගේ වාහන වලට හේත්තු දාගන කයියේ හිටිය කොල්ලො ටික මැද්දට පැන්නා..

" guys යමු ... ! "

°°°°°°°

එයාලා ගොඩක් විනෝද උනා .. ඇලෙක්ස් කියන්නේ alcohol වලට කැමති කෙනෙක් .. ඒ වගේම එයා සිගරට් වලටත් ආස කලා .. එයා කොල්ලො ටිකත් එක්කලා විනෝද උනා ...

тнє ωєαℓтн ♠️ Short Story || GL Nonfiction ✔️Wo Geschichten leben. Entdecke jetzt