~ 07

150 27 54
                                    


ඇඳේ ඒමේ අත පෙරලුනත් ඇලෙක්ස් ට නින්ද ගියේ නෑ ..හෙට ආයෙත් ෆ්‍රෙයාව මුණගැහෙන බව හිත හිතා මේ පැය කීපේ ගෙවලා දාන්න හිතන් ඇලෙක්ස් ඇඳට ආවත් එයාගේ ඔලුවට එක දිගටම එකම ප්‍රශ්නේ මතක් උනා ...

ඇලෙක්ස් කාමරෙන් එලියට ගිහින් එයාගේ office room එකට ගියේ රෑ දොළහා පහු වෙලා කියලා සාලෙ ඔරලෝසුවේ බෙල් එක වැදෙද්දි ....

එයාගේ office table එකේ ලොක් කරපු අන්තිම ලොකර් එක ඇරිය ඇලෙක්ස් මෙච්චර වෙලා එයාගේ හිතට වදයක් උන ඒ documents ටික අතට ගත්තා ... කළු අකුරෙන් මුද්‍රණය කරපු කොල හත අටක්ම එතන තිබුනා ..

" හ්හාහ් ... I Can't Do this .. "
එයා තමන්ටම කියාගත්තෙ ඒ කොල ටික පොඩි කරන ගමන් ...

මිසිස් කිම් නෑවිත් අදට දවස් හයක් වෙනවා .. එයා ඇලෙක්ස් ට මේ වැඩේ බාරදීලා ගියේ එයා එද්දි හැමදේම ලෑස්ති කරලා තියන්න කියලා අණ කරලා .. ඒත් ඇලෙක්ස් තාමත් ලෑස්ති නෑ මේ වැඩේ කරන්න ...
එයාට කල් ගන්නත් බෑ ... කල් ගත්තා කියලා වෙන්නෙත් මේ වැඩේ එන්න එන්නම පස්සට යන එක විතරයි ...

එයා හුස්මක් අරන් අර කොල ටික office room එකේ ඩස්ට් බින් එකට දමලා ගහලා කාමරේට ආවේ ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිත හදාගන ...

•••••••

ඇලෙක්ස් ගේ කැබින් එකේ කර්ට්න්ස් වහලා තිබුනා .. එයා දොරත් ලොක් කරලා තිබුන නිසා employees ලටත් මේක ප්‍රශ්නයක් උනා ...

මේ වෙද්දි ඇලෙක්ස් හිටියේ එයාගේ office chair එකේ වාඩිවෙලා .. එතකොට ෆ්‍රෙයා හිටියේ ඇලෙක්ස් ගේ උකුලේ ..

" ෆ්‍රෙයා .. කොන්ඩේ ගැටගහන්න එපා .. ලූස් හෙයා ඔයාට ලස්සනයි .. "
ඇලෙක්ස් හැමවෙලේම ෆ්‍රෙයා ඉස්සරහ ඕනෙව්ටත් වඩා හුරතල් උනා .. එයා ෆ්‍රෙයාගෙන් ඔය වගේ පුංචි පුංචි දේවල් ඉල්ලුවා ...

" එතකොට වැඩ කරද්දි කරදරයි ඇලෙක්ස් ... ආහ් company එක නිසා මැඩම් කියන්නද "
ෆ්‍රෙයා විහිලුවෙන් අහද්දි ඇලෙක්ස් මූණ බෙරි කරගත්තා ..

" මට මැඩම් කියන්න එපා ... "
ඇලෙක්ස් පුංචි එකෙක් වගේ ... මුලදි ෆ්‍රෙයාට පුදුම හිතුනත් දැන් නම් ඇලෙක්ස් ගේ මේ වැඩ එයාට හුරුයි ... ඇලෙක්ස් එයාට නැති උන ආදරේ ෆ්‍රෙයාගෙන් හෙව්වා ... වෙලාවකට ෆ්‍රෙයාව ඇලෙක්ස් ට ඔම්මා කෙනෙක් වගේ දැනුනේ මිසිස් කිම් කවදාවත් ඇලෙක්ස් ට එහෙම ආදරෙන් සලකලා නැති නිසා ...

тнє ωєαℓтн ♠️ Short Story || GL Nonfiction ✔️Место, где живут истории. Откройте их для себя