~ 02

130 31 47
                                    


හීල්ස් දෙකකුත් එක්කලා ඇලෙක්ස් එයාගේ ලොකු ගෙදර සාලෙ පහු කරන් ඇවිදන් ගියේ එයාගේ ඔම්මට අහු නොවී ඉක්මනින් කාමරේට පැන ගන්න ...

" කොහොමද පොඩි සර් ! සර් අද පරක්කුයි ... "
සද්දයක් වත් නොනගා කාමරේට දුවන්න උත්සාහ කරපු ඇලෙක්ස් එතනම නතර උනා ...

" හ්හාහ් .. "
ඇලෙක්ස් හුස්මක් හලලා පිටිපස්සට හැරිලා , එයා දිහා බලන් ඉන්න ටිකක් මහලු බ්ලේසර් සූට් එකක් ඇඳන් හිටිය මනුස්සයා එක්ක නක්කලෙන් හිනා උනා ...

" ආයිශ් .. තමුන් කොහෙ ඉදන්ද පාත් උනේ .. ?! "
ඇලෙක්ස් තරහින් ඒ මනුස්සයා ලඟට ගිහින් නතර උනා ...

" මම සර් එනකන් හිටියේ .. ලොකු මැඩම් තමයි මට සර් ව බලන්න කිව්වෙ .. "
අත්දෙකත් පස්සට කරලා ගැටගහන් ඒ මනුස්සයා කතා කලේ රොබෝ කෙනෙක් වගේ ...

" මොහ් ! මායාකාරි ? කෝ එයා ආවද ?! "
ඇලෙක්ස් එයාගේ අතේ තිබ්බ හීල්ස් දෙකත් හංගගන උඩතට්ටුව දිහාවට ඇස් ගෙනිච්චේ එහෙම අහමින් ...

" ඔව් .. ලොකු මැඩම් කාමරේ ... මට කිව්වා පොඩි සර් ආවාම බලන්න කියලා .. ඉතින් සර් මොනා හරි කනවද ? "

" ච් ... මිස්ටර් චෝ ... ඔයා මගෙ ඔම්මගේ මැනේජර් නේ ... එහෙනම් එයාගේ දේවල් ගැන බලන්න .. ආහ්හ් මගෙ පස්සෙන් එන්න එපා ...
ඔයා මහ වදයක් නේ ... "
ඇලෙක්ස් හැමදාම ඔහොමයි .. එයා මිස්ටර් චෝට කැමති නෑ ... එයාගේ ඔම්මට වගේම ..

ඔම්මා වගේම මිස්ටර් චෝත් ඇලෙක්ස් ව දැක්කේ කොල්ලෙක් විදියට ..
ඇලෙක්ස් ට වෙලාවකට ඒක අපහසුතාවයක් එයාට හැමෝම ඉස්සරහ සර් කියන එක ...

" මට ඒක නම් කරන්න බෑ පොඩි සර් .. මැඩම් කියන දේයි මම කර__ "

" යැයි යැයි තමා ... Ahhh ... Hate this .. ! Anyway මෙන්න මේක .. අයිතිකාරිට ගෙනිහින් දෙන්න ඕන ..."
ඇස් කරකවලා ඇලෙක්ස් එයාගේ අතේ තිබ්බ ගෝල්ඩ් කලර් හීල්ස් දෙක මිස්ටර් චෝට දික් කලා...
" අපේ ක්ලබ් එකේ dancer කෙනෙක් ... Address හොයාගන්න බැරිවෙන එකක් නෑ .. මේක යවන්න එයාට .. "
ඇලෙක්ස් එහෙම කියලා මිස්ටර් චෝ ගේ අතේ ඒ හීල්ස් දෙක පටලවලා යන්න හැරුනා ...

" දේ මම එහෙම කරන්නම් .. "

" ආ මේක අර මායාකාරිට කියන්න ඕනි නෑ .. ඒක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි .. "
ඇලෙක්ස් දන්නවා එයා කරන කියන හැමදේම ගැන එයාගේ ඔම්මා හොයාගන්නේ ඇලෙක්ස් ගැන මිස්ටර් චෝ කියන ආරංචි වලින් කියලා ...

тнє ωєαℓтн ♠️ Short Story || GL Nonfiction ✔️Where stories live. Discover now