ගෙවුන දවස ෆ්‍රෙයාට නින්දක් ලැබුනෙම නෑ .. ඇලෙක්ස් ගෙන් ලැබුන බලාපොරොත්තු නොවුන සිපගැනීම ගැන ෆ්‍රෙයා ඕනෙවටත් වඩා කල්පනා කලා ... කොහොමත් ෆ්‍රෙයා ඇලෙක්ස් ගෙ personality එකට ගොඩක් කැමැත්තෙන් හිටියා .. ඒත් හදිසියේම ඇලෙක්ස් මෙහෙම හැසිරුනාම ෆ්‍රෙයාගේ හිතේ වෙනම හැඟීමක් පැලවෙන්න ගත්තා ...එයා උදෙන්ම වැඩට ආවෙත් ඇලෙක්ස් ව බලන්න ලොකු හදිස්සියක ... ඇලෙක්ස් එයාගේ බයික් එකෙන් ඇවිත් බැහැලා හෙල්මට් එක ගලවන විදිය ෆ්‍රෙයා දෙවනි තට්ටුවේ බැල්කනි එකට වෙලා බලන් හිටියා ... ඇලෙක්ස් ගෙන් පෙනුන tomboy ගතිය ෆ්‍රෙයාව ඇලෙක්ස් ට ආකර්ශනය කරගත්තා ...
ඇලෙක්ස් ආව ගමන්ම ෆ්‍රෙයා ඉක්මනට ඇලෙක්ස් ව හොයාගන ගියේ අත්සන් ගන්න තියෙන ෆයිල්ස් පහ හයකුත් එක්ක ඇලෙක්ස් ගෙ කැබින් එකට ...
ඇලෙක්ස් ඒ වෙද්දි එයාගේ බ්ලැක් ලෙදර් ජැකට් එක ගලවමින් හිටියේ .. දොරට තට්ටු කලාම ඇලෙක්ස් නොබලාම ඇතුලට එන්න කියලා අවසර දුන්නා ..
ඇලෙක්ස් ජැකට් එක ගලවලා කැබින් එකේ තිබ්බ සෝෆා එකට දාලා එයාගේ සීට් එකෙන් ඉඳගනිද්දි ඇතුලට ආව ෆ්‍රෙයාගේ ඇස් ඇලෙක්ස් කරන හැම දේම දිහා යොමු උනා ..වාඩිවෙලා ඔලුව උස්සද්දියි ඇලෙක්ස් දැක්කේ ඇතුලට ආව කෙනාව ...
" Good Morning Madam "" morning "
ෆ්‍රෙයා එහෙම ග්‍රීට් කලාම ඇලෙක්ස් නොසැලකිල්ලෙන් පිලිතුරු දුන්නම ෆ්‍රෙයාගේ හිනාව මැකුනා .. ඒත් කෙල්ල ඉක්මනට ෆයිල්ස් ටික ඇලෙක්ස් දික් කරන් ඉන්න එයාගේ අතෙන් තියද්දි ඇලෙක්ස් වෙනදා වගේම ෆයිල්ස් ඇදලා අරගන අත්සන් කරමින් ඒවා කියවන්න ගත්තා ..කලින් දවසෙ උන දේ ගැන ඇලෙක්ස් ගෙන් ෆ්‍රෙයාට කිසිම විශේෂත්වයක් ලැබුනේ නෑ .. අඩුම තරමේ අද ෆ්‍රෙයා ගොඩක් ලස්සනට ඇඳලා ඉන්නවා කියලා වත් , කෙල්ල කොන්ඩේ ලෙහලා ලස්සනට ඉන්න බව වත් ඇලෙක්ස් දැක්කේ නෑ .. එයා හරියට ෆ්‍රෙයා දිහා බලන්න වත් උනන්දු උනේ නෑ ...
වෙනදා වගේමයි ...
ෆ්‍රෙයා ඇලෙක්ස් ගෙන් පුංචි හිනාවක් හරි බලාපොරොත්තු උනා ... ඒත් ඇලෙක්ස් වෙනසක් පෙන්නුවෙ නෑ ..
" මෙතන profit එකේ සම්පූර්ණ total එක ගැන ආයෙත් බලන්න ෆ්‍රෙයා .. "
එක ෆයිල් එකක් මේසෙ දිගේ ෆ්‍රෙයා ලඟට තල්ලු කරපු ඇලෙක්ස් එහෙම කිව්වම ෆ්‍රෙයා ඔලුව වනලා ෆයිල් එක අතට ගත්තා ...
YOU ARE READING
тнє ωєαℓтн ♠️ Short Story || GL Nonfiction ✔️
Non-Fiction| Special Birthday gift | | Short Story | • The Wealth - ධනය ... ▫️️ බලාපොරොත්තු නොවුන මුණගැහීමක් ... ▫️️ බලාපොරොත්තු නොවුන දෛවයක් ... °° Girl x Girl °° Nonfiction °° Tomboy and Innocent girl °° Begin with Money ( 39 ) Start - 2022.11.1...