~ 03

115 33 76
                                    


" මූණට මොකද උනේ ... ? "
ඇලෙක්ස් ආයෙත් වතාවක් ඒක ඇහුවා ... ෆ්‍රෙයා උත්සාහ කලා මොකුත් නොවුන ගානට ඉන්න ...

" චොසොහම්මිදා ... පුංචි ප්‍රශ්නයක් නිසයි පරක්කු උනේ .. මැඩම් ගේ කාලේ මම__ "

" අනවශ්‍ය දේවල් නොකියා අහපු දේට උත්තර දෙන්න පුරුදු වෙනවා ... ! මූණට මොකද උනේ ... කවුරුහරි ඔයාට කරදර කලාද ආයෙත් ...
සොල්මා අර ක්ලබ් එක අස්සෙ රිංගුවද එච්චර වෙලත් .. "
සමච්චලේට අහන ගමන් සීට් එකට බර වෙමින් ඇලෙක්ස් ෆ්‍රෙයා දිහා බලන් හිටියා ...

" අ ආනියො ... මේ .. "
ෆ්‍රෙයා ට හරි අපහසුතාවයක් දැනුනා ... අදත් එයා ඇලෙක්ස් ඉස්සරහ අසරණ වෙලා .. ඇලෙක්ස් එයාගේ මූණේ කැළල් නොසලකා හැරලා හිටියා නම් ෆ්‍රෙයා ගොඩක් කැමති වේවි ..

" ම්හ් Okay .. ඒක ඔයාගේ Private දෙයක් නේ ... මට වැඩක් නෑ .. Anyway ඔයා පරක්කු උනා ... කෝ මට ඉක්මනට files ටික දෙන්න ඔයා වෙනුවෙන් meetings cancel කරන්න බෑ නේ මට ... "
ඇලෙක්ස් සීතල බැල්මක් දාලා ෆ්‍රෙයාගේ අතෙන් files ටික උදුර ගත්තා ... ඒක ගනිද්දිත් ඇලෙක්ස් දැක්කා ෆ්‍රෙයාගේ අතෙත් ඇඟිලි පාරවල් තිබුනා ..

" ම්ම් හ්ම් මේ වගේ qualifications තියාගන අර ක්ලබ් ගානේ නටන්න ගියේ තමුන්ගේ මොලේ කොහෙද හැලුනේ ආ ... "

ඇලෙක්ස් තරහින් ගොරවද්දි ෆ්‍රෙයා බිම බලාගන අහන් හිටියා ..

ටිකක් වෙලා ෆ්‍රෙයාගේ files චෙක් කරපු ඇලෙක්ස් ඒක ෆ්‍රෙයා ලඟට මේසේ දිගේ තල්ලු කරලා ඇරියේ ආයෙත් තමන්ගේ පුටුවට බර වෙලා කල්පනාවක වැටෙන ගමන් ...

" Hello ! Sales Assistant ට කතා කරන්න .. "
තමන්ගේ මේසේ උඩ තිබුන Land phones තුනෙන් එකකින් එයා කෝල් එකක් අරන් එහෙම කියද්දි විනාඩි දෙකක් වගේ කාලෙකින් කැබින් එකේ දොරට තට්ටු කරන හඬ ඇහුනා ..

" Come in "
ඇලෙක්ස් පුටුවේ පැද්දෙන ගමන් කතා කරද්දි ඒ කෙනා ඇතුලට ආවා ...

" මැඩම් ? "

" ඕ මින් හෝ ... මොකද අද පරක්කු උනයි කියන්නේ ම්ම් .. Salary එක වැඩියි වගේද ? "
ඇලෙක්ස් වාඩි උන තැනින් නැගිටින ගමන් අහද්දි ඒ මනුස්සයගේ නම වගේම කටහඬ ඇහුන සැනින් ෆ්‍රෙයා තිගැස්සුනා ...

тнє ωєαℓтн ♠️ Short Story || GL Nonfiction ✔️Where stories live. Discover now