ඇලෙක්ස් නොදැනීම විනාඩි දහයක් විතර ෆ්‍රෙයා දිහා බලාගන ඉඳලා .. එයාට කල්පනා කරන්න දේවල් තිබුනා ...ඒත් එක්කම ෆ්‍රෙයා ගැස්සිලා ඇහැරුනා .. එයා බය උනා එයාගේ ඉස්සරහ හිටිය ඇලෙක්ස් ව දැකලා .. ඇලෙක්ස් නිකට උස්සලා ලොකුකමෙන් අහක බලාගත්තා ...
" මහ ලොකුවට වැඩ කරන්නම් කිව්වා .. හහ් නිදියනවා නම් ගෙදර යනවා .. ! මගේ company එක ඒකට තැනක් නෙවේ .. "
ඇලෙක්ස් අතේ තිබ්බ ෆයිල්ස් ටිකත් මේසෙට අතෑරලා කැබින් එකෙන් එලියට යනකන් ෆ්‍රෙයා නින්ද කැඩුන ගමන් බය වෙලා බලන් හිටියා...කෙල්ල ගේ ඇසුත් ලාවට ඉදිමිලා .. හෙමින් සීට් එකෙන් නැගිටලා එයා ගෙදර යන්න ලෑස්ති උනා...
•••••
ඇලෙක්ස් එයාගේ sports bike එකත් ස්ටාර්ට් කරන් හෙල්මට් එක දාද්දි ෆ්‍රෙයාත් බිල්ඩින් එකෙන් එලියට ආවා .. රෑ වෙලා නිසා එතන හිටියේ තවත් එක වයසක ගාර්ඩ් කෙනෙක් විතරයි ..
" දැන් කොහොමද යන්නේ ? "
" අහ් මට පයින් යාගන්න පුළුවන් මැඩම් .. සමහරවිට බස් එකක් යයි "
" පිස්සුද ? රෑ දහයට විතර කොහෙ බස් ද ? "
ඇලෙක්ස් ගේ සැර ඇස් එක්ක ෆ්‍රෙයා බිම බලාගත්තා..
" ම් නගිනවා මම ලඟට දාන්නම් "
අනිත් හෙල්මට් එක ෆ්‍රෙයාට දික් කරලා ඇලෙක්ස් එහෙම කියද්දි ෆ්‍රෙයා ටිකක් පුදුම උනා.." ආනියෝ මැඩම් ... මට පයින් යාගන්න පුළුවන් .. "
" එතකොට මොකෙක් හරි අසහනකාරයෙක් උස්සන් ගියාම හොදයිද ? ච් නිකන් පල් එක නොදා නගිනවා .. "
ඇලෙක්ස් එහෙම කියලා බයික් එක අල්ලගනිද්දි ෆ්‍රෙයා හෙල්මට් එක දාගත්තා .. කෙල්ල බයෙන් බයෙන් ඇවිත් බයික් එකට නැග්ගේ ඇලෙක්ස් ගේ උරහිසට බර වෙලා .." හොදට අල්ලගන්නවා .. මම වේගෙන් යනවා හරිනේ .. "
ඇලෙක්ස් පිටිපස්සට බෙල්ල ටිකක් හරවලා එහෙම කියලා වාහනේ අද්දද්දි ඇලෙක්ස් ඇඳන් හිටිය කළු ලෙදර් ජැකට් එකේ ඉන ගාවින් ෆ්‍රෙයා ලාවට අල්ලගත්තා ..ඒත් ඇලෙක්ස් හීයේ වේගෙන් වාහනේ කරකවලා පාරට දානවත් එක්කම ෆ්‍රෙයා ඇලෙක්ස් ගේ ජැකට් එක හරහා ඇලෙක්ස් ගේ බඩ වටේට අත් දාලා අල්ලගත්තේ ඒ තරම් වේගෙන් ඇලෙක්ස් වාහනේ හැරෙව්වම ගැස්සිලා...
ВЫ ЧИТАЕТЕ
тнє ωєαℓтн ♠️ Short Story || GL Nonfiction ✔️
Документальная проза| Special Birthday gift | | Short Story | • The Wealth - ධනය ... ▫️️ බලාපොරොත්තු නොවුන මුණගැහීමක් ... ▫️️ බලාපොරොත්තු නොවුන දෛවයක් ... °° Girl x Girl °° Nonfiction °° Tomboy and Innocent girl °° Begin with Money ( 39 ) Start - 2022.11.1...