10th Episode

343 65 2
                                    

සෙව් කියන වචනයක් වචනයක් ගානේම තමා ශාන් ගැන හිටියේ කොච්චර වැරදි වැටහීමකින්ද කියන එක බෝදිට තේරෙනකොට තමන් හැසිරුණු විදිය ගැන බෝදිට තමන් ගැනම ඇති වුනේ ලොකු තරහක්... ශාන්ට කතා කරන්නවත් අවස්ථාවක් නොදී තමන් එ  හිතට  දුන්නෙ  කොච්චර ලොකු දුකක්ද කියල මතක් වෙනකොට බෝදිට ඇති වුනේ ලොකු කලකිරීමක් ...

දෙයියනේ ...ශාන් සර්..මං..මං..මොනාද මේ කරේ..ඇයි මං පොඩ්ඩක් හොයලා බැලුවේ නැත්තෙ..ඇයි මං..ඇයි.මං..මේ විදියට මෝඩයෙක් වගේ හැසිරුනේ.. අච්චර දුකකින් ඉන්න ඔය හිතට මං කොහොමද තව දුකක් දුන්නේ.. කොහොමද රත්තරනේ මේ වේදනාව දරා ගත්තේ ..මට සමාවෙයන් .. මගේ වස්තුව..මගේ ශාන් සර්. මං.

කරපු කියපු දේවල් ගැන දැන් පසුතැවිලා තේරුමක් නැති උනත් බෝදීගේ හිතේ තිබ්බේ එසෙ මෙසෙ පසුතැවිල්ලක් නෙමේ ...තමන් කියපු කරපු දේවල් වල රූප රාමු පිළිවෙළට හිතේ ඇඳීගෙන යනකොට බෝදිට දැනුනෙ දරා ගන්න බැරි වේදනාවක් .....

මචං ...සෙව්...මට කියාපන් බං දැන් මගේ ශාන්  සර් කොහේද කියලා..මං...ම මං..මට යන්න ඕනේ.මගෙ මැණික ළඟට යන්න ඕනෙ..ම..මං.මං කරපු දේවල්වලට මගේ මූණ බලන්නවත් ශාන් සර් කැමති නැතුව ඇති..ඒ ඒත්..මං..මං යන්න ඕනෙ...මගේ වැරැද්දට සමාව ගන්න ඕනේ..දෙය්යන්ගෙ නාමයෙන් මාව එක්ක පලයන් සෙව්... ප්ලීස් මාව එක්ක පලයන්....

බෝදි මචං..පොඩ්ඩක් රිලැක්ස් වෙයන්කෝ..අපි හෙමිට බලමු....

අනේ . චෙනෝ..මං වගේ මෝඩයෙක් ..ඇයි මං.. එක පාරක් වත් ශාන් සර් කියන දේ ඇහුවේ නැත්තේ ...දෙයියනේ මං  කොච්චර ලොකු වේදනාවක්ද දුන්නේ....ම...මං.....

බෝදි මචං..අහන්න්කො..සුදූ අවුලෙන් තමා හිටියේ ...එත්..  එයා අනිවාර්යයෙන්ම ඔයාට සමාව දෙනවා.මොකද ඒ හිතේ උඹ ගැන තියෙන්නේ එසේ මෙසේ ආදරයක් නෙමේ.
... ඒක මං දැක්කා...ඒක මට දැනුනා.. පිටින් ඉන්න මට ඒක එහෙම දැනෙනවා නම් ඒක විඳපු උඹට කොහොම දැනෙන්න ඇතිද කියලා මට හිතා ගන්න පුලුවන් ..

මං..මං... මට ඒක තේරෙනවා සෙව්...ඒත් ඇයි දෙයියනේ මට බැරි උනේ ශාන් සර්ව විශ්වාස කරන්න..මගේ ආදරේ විශ්වාස කරන්න.....මං වගෙ කාලකණ්ණියෙක් ..මගේ ආදරේ .. මං සැක කලේ මගේ ආදරේ නේද... චෙනෝ.මං මේ මොකක්ද කර ගත්තේ ....

හීනයක් ' A Dream 'Onde histórias criam vida. Descubra agora