01

443 42 32
                                    

බොරදිය
අසීමාන්තික නොවූ ප්‍රේමයක් ,
01

අදුරු රබර් වතු යාය මැදිවූ සුවිසල්ව ගොඩනැගුණු දෙමහල් විසල් වලව්වේ ඉහලමාලයේ සුදු පැහැති ආලෝක කදම්බයන් තෙදිනක් තිස්සේ නොනවත්වාම දැල්වෙන්නට වූ බව රබර් අතු පතර සැගව ගිය රහසක්ම පමණක් විය. ඔරලෝසු කටු පස්වරු හතර පසුවන්නාක් සමගම කැලැ පාර දිගේ අළුපැහැ මෝටර්රථයද තෙදිනක් තිස්සේ මිනිස් වාසයෙන් කලකට ඉහතදී අතැර දැමු මේ වලව්ව බලා එන බව දැනසිටියේද රබර් අතු පතර ඔබමොබ යන්නාවුන් පමණි.  කාන්තාවන් කිහිප දෙනෙකුගෙ හඩ රාත්‍රියට ඉහලමාලයෙන් ඇසුණි. අළුයමට තෙදින තිස්සේම කාන්තාවන් දෙදෙනෙකුගේ සිනා හඩ , සිහින් කෙදිරිලි මෙන්ම හැඩුම්ද වාතලයට මුසුවිය .

සිව්වන දින වූ අද හතර පසුවනවාත් සමග පැමිණි අළු පැහැ මෝටර්රථය ගරා වැටෙමින් ඇති ගරාජය තුල නැවැත්වූ විගසම පහල මාලයේ ඉදිරිපසට දිවවිත් වේගයෙන් හුස්මගනිමින් සිටි ගැහැණිය ගරාජය ඇති දෙසට පාවහන් රහිතවම පියනැගුවාය..

" අංජු .
කේන්තිගන්න එපා කිරන් ඉන්නෙත් ස්ට්‍රෙස් එකේ "

මෝටර්රථයේ ආ තරුණිය දොර විවර කරනවාත් සමග ඇයට ඇසුනේ මේ දින කිහිපයේම ඇසූ කටහඩකි. තරමක සිනාවත් දෙතොල්තරට ආයාසයෙන් නංවාගත් ඇය , තමා ඉදිරියේ වූ තරුණිය සමග සිනාසුනාය .

" මම දන්නවා දෙනෙති , මම කිරන් එක්ක කතා කරන්නම් "

එසේ කියූ මෝටර්රථයෙන් පැමිණිය තරුණිය දෙනෙතිව නොසලකාහැර වේගයෙන් ඇවිද ගියේ ඉහල මාලයට යන ලී පඩිපෙල දෙසටයි . පලමු පඩිය නැගි ඈ ඉහලමහල දෙස බලා සුසුමක් හෙළුවාය. ඇගේ කෙටි සිරුරුටම තදැති ලේ පැහැ ගත් සාය දණහිසට අගල් දෙක තුනක් උඩින් නැවතී ඇත්තේ   ලා දුඹුරු පැහැ ගත් ඇගේ දිග කකුල් හොදින් පෙනෙන පරිදිය.  ඇද සිටි බ්ලවුසයේ ගෙල මුල වූ බොත්තම් කිහිපය පන්නා දැමූ ඇය  , පැලද සිටි අගලක් පමණ වූ උසැති පාවහන් ගලවා දමා ඒවා තම වමතට ගෙන නිරුවත් දෙපයින්ම ඉහල මහලට ගමන් කලාය.

ලී පඩිපෙලේ අවසානයේ දකුණු පැත්තට වූ ඝනැති දොර වෙර වීර්යෙයන් තොරවම හැරදමා රබර් වතුයායේ අන්ධකාරයේ උරුමය පලවාහැරීමට දොර පිටුපසම වූ ස්විචයය ඔන් කලාය.
සුදු පැහැති ආලෝකය තත්පර කීපයක ප්‍රමාදයෙන් පසු කාමරය ආලෝකමත් කරද්දි ඈ ඉදිරිපසම අළුතගෙනා තද නිල්පැහැ ඔෆිස් සෝෆාව මත වාඩිවී උරපටි වලින් ගෙලවටා බැදි වමත එල්ලාගන උන් තරුණිය ඈ දෙසම බලාඋන්නාය.

බොරදියWhere stories live. Discover now