07

86 8 6
                                    

බොරදිය
අසීමාන්තික නොවූ ප්‍රේමයක් ,
07.

දොලොස් වසරකට පෙර ,

අංජුගේ ජිවිතය ඒකාකාරිව ගලායයි . එහි නැගීම් හෝ බැසීම් නැත . සතියක් මුළුල්ලේම ඇය කිරන්ව මගහැරියාය. කිරන්ගේ සිතට ඇගේ එදා හැසිරිමෙන් බලාපොරොත්තු ඇති වී දෝ යන්නට අංජු බයවූවාය .

අංජුට කෙනෙක් හා බැදිම පහසු නැත. යහළුවෙක් ලෙසට හෝ ලමයෙක් ඇසුරු කිරිමට අංජුගේ දෙමාපිය කැමැත්ත උවමනාවිය. සැබැවින්ම අංජු සුරපුරයක හිරකාරියකි. දෙමාපියන්ගේ රූකඩයකි.අංජුට කිසිමවිටෙක ඇයගේ තීරණ ක්‍රියාවට නැංවිය නොහැක . ඇගේ පාලනය ඇත්තේ දෙමාපියන් මතය .

අංජු , කිරන්ට ලංවිමට බයවුයේ එබැවිනි. කිරන්ට ලංවිමට ඇගේ සිත කොතරම් ආශා කලත් ඇය ඒ සියල්ලම යටපත් කරගන පාලනය කරගනිමින් සිටියාය. සාම්ප්‍රදායික ඇගේ ජීවන රටාව තුල කිරන්ට හෝ අඩුම තරමේ වෙනත් කොල්ලෙකුට හෝ ඉඩක් නැත .

ඇය හුස්ම ඇති මනුස්සයෙක් වුවද ඇය ඇයටද අයිති නැති බව යන්තමින් දහ අට ලබන්නට පෙර සිටිම ඇය දැනසිටියාය. වගකිම් තරාතිරම හා නම්බුව යන සියල්ලම ඇය රැකිය යුතුය . පාසලට පැමිණිමට පෙර අප්පච්චි ඇය ඔහුගේ කාමරයේ මේසය මත ඉස්සරහ වාඩි කරගන හැමදාම කියන්නේද එයයි .

ඔහුගේ නාමය රකින ලෙසයි . ඔවුන්ගේ පවුලේ නම්බුව රකින ලෙසයි. ඉතින් අංජුට කැමැත්තක් කල නොහැක .

දහ අට වියැති වුවද ඇය මුහුකුරා ගොස් ඇත්තේ පවුලේ මේ තත්ත්වයන් නිසාවෙනි. ඇගේ දෙමාපියන්ට අනුව ඇය දරුවෙකු නොවේ ඔවුන්ගේ නම්බුවේ සංකේතයයි. කවදා හෝ දීග දෙනතෙක් රැකිය යුතු වස්තුවයි.

නිම්මිගේ කතාවද මේ හා සමානය නමුත් ඇගේ අම්මා කොන්දේසි විරහිතවම ඕනැම වේලාවක තම දරුවන් වෙනුවෙන් පෙනි සිටින මවකි. අංජුට ඒ අවස්ථාව නැත අංජුගේ අම්මා යනු අප්පච්චිගේ බිරිද පමණි. ඇය අප්පච්චිට ඉහලින් එක් වචනයක් හෝ කතා නොකලාය.

නිම්මිගේ පවුලේ දෙදරා යාමට හේතුව ඇගේ මවගේ මුරණ්ඩු හිතුවක්කාරකම බව සැවොම කියූවත් අංජු ඇගෙන් දුටුවේ හොද අම්මෙක් පමණි. තම ලමයින් උදෙසා ඕනැම කෙනෙක් සමග සටන් කරන්නට සුදානම් ගැහැණියකි .අංජුට තමාද එසේ වියයුතු බවට අදහස ආවේ නිම්මිගේ අම්මා දෙස බැලීමෙනි. තමන් ආදරේ කරනා තමන්ගේ අය වෙනුවෙන් පෙනිසිටිමට ඇය කිසිවිටෙක පසුබට වූයේ නැත.

බොරදියWhere stories live. Discover now