03

108 18 2
                                    

බොරදිය .
අසීමාන්තික නොවූ ප්‍රේමයක් ,
03.

දහතුන් වසරකට පෙර ,

" තමුසෙලා දෙන්න මොන මගුලක් ද කරන්නේ "

අංජු , නිම්මි පසෙකලා ඉදිරියට පැන්නේ කේන්තියෙනි . අංජුත් නිම්මිත් දුටු විගසම උස හින්දෑරි සුදු ගැහැණු ලමයාත් ඇය සමග සිටි අනෙක් ගැහැණු ලමයාත් ඉද්ද ගැසුවා සේ කෙලින් වූවාය . අංජුගේ කේන්තිය මුසු හඩට දෙදෙනාම බය වි අංජුත් නිම්මිත් දෙසබලා සිටියි.

" වට්ද ෆක් අයිසේ , තමුසෙලා මොනවද මේ වොෂ්රූම් අස්සේ රිංගගන කරන්නේ . මේක ස්කොලයක් "

අංජු ගිනියම් වූ දෑසින් තව තවත් බයෙන් බිරාන්ත වි බලාසිටින ගැහැණු ලමුන් දෙදෙනා අසලට ලංවිය . නිම්මි තවත් ඇය සිටි තැනම ගල්ගැසි සිටින්නේ ඇය මේ දුටු දෙයද අංජුගෙ හැසිරිමද අදහාගත නොහැකිවයි. අංජු මෙතරම් කේන්තියට පත්වනු ඇතැයි නොසිතුවාය ඇත්තෙන්ම අංජුට කේන්ති යාමට තරම් දෙයක් මෙහි නැතිබවද නිම්මි දනි. ඊටත් මෙය ඔවුන් දෙදෙනාට අදාල ගැටලුවක් ද නොවේ . ඔවුන් මෙවැනි දසුන් කිහිපවරක්ම දැක ඇත නමුත් අංජු මෙලෙස හැසුරුන පලමු වතාව මෙය විය.

අංජුගෙ දෑත් නැවතුනේ උස හින්දෑරි සුදු ගැහැණු ලමයා සමග සිටි අනෙක් ලමයාගේ පාසල් නිල ඇදුමේ කොලරය මතය. කොලරයෙන් ඇයව තමා දෙසට ඇදගත් අංජු ඇගේ මුහුණ තුලට එබුනේ ඇයව දවා අළු කරන්නට මෙනි.  ඒ ගැහැණු ලමයාගේ කන් දෙපැත්තේන්ම දහඩිය ගලාඑන තරමට අංජුගෙ බැල්ම දරුණුය. ඇගේ කේන්තිය මුසු ආක්‍රමණශිලි බැල්ම අංජුගෙ පිය උරුමයයි.

" අපි වැරැද්දක් කලේ නෑනේ . "
ඇයව කොලරයෙන් ඇද ගත් සැනින්ම උස හින්දෑරි සුදු ගැහැණු ලමයා ඉදිරියට පැන අංජුගෙ අතින් ඇගේ යහළුවාගේ කොලරය අතහැර දැමුවාය . දැන් අංජුගෙ ඇස් ඉදිරියේ ඉන්නේ ඇය සෙවූ රූපයයි.

" අමන්දා මේ බෙහෙත් එක මගේ බඩේ තැලුම් වල ගෑවා විතරයි . වෙන මුකුත් වුනේ නෑ "

ඇය නැවත වතාවක් අංජුගෙ දෑස් එකෙල්ලේම බලා කීවාය . අංජු ඒ දෑස්වල බොරුවක් දුටුවේ නැත නමුදු තවමත් අංජු ඇයව විශ්වාස නොකරයි . ඇය තවමත් ඉන්නේ උඩුකය අඩ නිරුවත්වයි. ඇගේ යැයි සිතිය හැකි ලා නිල් පැහැ කමිසයක් ඔවුන්ට පිටිපසින් ඇති ටයිල් ජල කරාමයක් අසල ඇත . අංජු එහි රතු පැහැ තිත් කීපයක් දුටු සැනින් ඇගේ අතැගිලි ඇය ඉදිරියෙ  ඉන්නා උස හින්දෑරි සුදු ගැහැණු ලමයාගේ බඩ මත එහා මෙහා ගියේ ඇයට ඉවසුම් නැති කරමිනි . අංජුගෙ අතැගිලි ඇගෙ බඩ මත එහා මෙහා ගෙනයද්දි ඇයට දැනුනෙ කිතියක් සමග වේදනාවකි.

බොරදියWhere stories live. Discover now