බොරදිය
අසීමාන්තික නොවූ ප්‍රේමයක් ,
06.දොලොස් වසරකට පෙර ,
" නපුරු හෙනහූරි ,
හිතත් ඇසත් මනසත් හදවත්
ඔබටම වූ පසු
හුස්මක අයිතිය පමණක්
මා හට තිබි කුමටද "කිරන් අවසාන කාලච්ජේදයට පෙර කාලච්ජේදයේ මැද සිටම ඔවුන්ගේ ඕපන් ඒරියා එකේ කොනේම මේසයකට බර වි අකුරු එකතු කරන්නට වූයේ අංජුගේ රූපය හිතේ මවාගනය .
අමන්දා ඇය සමග එන්නට බෑ කීම නිසා කිරන් තනිවමම මනෝ ලෝකයක තනිවි හිතෙන සෑම දෙයක්ම කුරුටු ගෑවාය . ඇය අසලින් ඔබ මොබ යන ලමයින් පිලිබදව නොතැකූ කිරන් තමන්ගේ ලොවක තනිවි ඇත.
" ආ චන්ඩි පරඩැලි තනියම අද , කෝ පිරිවර මිසින් ද "
ජනනි ,කිරන්ගෙ මේසයෙ වූ එක් බංකුවක ඇද වාඩිවූ අතර ජනනි සමග පැමිණි අනෙක් ලමයා ද ඇය අසලින්ම ඉදගත්තාය ." පරණ ප්‍රශ්න අමතක කරලා දාමුද අක්කා .. එදා නෙට්බෝල් කෝට් එකේදි ඔයා හොදටම පලිය ගත්තනේ "
මුහුණට සිනාවක් නංවාගත් කිරන් එසේ කිවේ එය කිරන්ගේ විදිය නිසාවෙනි . කිරන් කිසිවිටෙක වෙනත් අය සමග අමනාපකම් ඇති කරගන්නෙකු නොවන අතර එසේ ඇති වුවහොත් වැරැද්ද ඇය අත නොතිබුනද සමාව ගන්නට පසුබට නොවිය.කෙසේ නමුත් මනුස්සයෙක් , කිරන්ට එපාම වුවහොත් තවත් දරාගත නොහැකි උච්චතම අවස්ථාවට පැමිණියහොත් කිරන් ඔවුන්ව නොපෙනෙ, කිසිම අවස්ථාවක ඇයට ඔවුන්ව නොපෙනේ .
" සමාවෙන්න "
කිරන් සිනාවත් සමග නොපැකිලව කිවාය.ජනනිද අනෙක් ලමයාද කිසිවක් නොපවසා කිරන් දෙස බලාඋන්නේ ඇයට කියන්නට ඇති සියළු දේ කීමට අවස්ථාවක් දිමට මෙනි.
" මෙහෙමයි , මට ඒක අමතක කරන්න බෑ .. අනිවාර්යයෙන් අවස්ථාවක් ලැබුන ගමන්ම මම තමුසෙට එකම එක කම්මුල් පාරක් ගහනවා හැමෝම ඉස්සරහ . මට ඕන එච්චරයි "
ජනනිට එය අමතක කිරිමට නොහැකිය . ඇගේ නමට අභියෝග කල ඇයට පාලනය කල හැකි පිරිසෙන් එකම කෙල්ල වූයේ කිරන්ය .සමහර අවස්ථාවල හැමෝම සමාන නැත. පවුලෙ තරාතිරම පාසලට ගෙන එන අයද ඇත . ජනනි එහෙම කෙල්ලෙක්ය . ඇයට මෙහිදිද නඩත්තු කරන්නෙ පවුලෙ නමයි ගරුත්වයයි . ජනනිගේ ගොඩක් වැරදි ක්‍රියා ඉක්මනින් යට ගැහෙන්නේ ඇගේ පවුලෙ බලය නිසාවෙනි.