බොරදිය
අසීමාන්තික නොවූ ප්‍රේමයක් ,
05 .දොලොස් වසරකට පෙර ,
ක්‍රිඩා පිටිය කොනේ වූ බෝගහේ කොල සෙමින් සෙලවෙයි. මාස තුනකට පෙරාතුව කහව හැලිගිය කොල දැන් හරිත පැහැයෙන් වර්ණවත්ව බබලයි. අංජු තමන්ට ඉහලින් සෙමින් සුලගට හෙලවෙන බෝ කොල හඩ නිදහසේ ඇසුවාය . ඇය වලාකුළු නැති නිල් අහසේ දීප්තිය නිදහසේ විදගත්තාය .
මාස තුනකට පසු ඇගේ හුස්ම නිදහස් බිමක ඇය උඩ පහල හෙළුවාය . අංජුගේ වමතේ වූ ඔරලෝසුවෙ කටු තවමත් හත පසුකර ගොස් නැත . ඒ නිසාම තවමත් පාසල ලමයින්ගෙන් පිරි ගොස් නැත එහෙයින් කෑකෝ හඩක් නැත .
බෝ මළුවෙ සුදු පැහැ වැලි මත සපත්තු ගලවා අංජු ඇවිදගියේ ඒ සිසිලස ඇගේ පපු කුහරයන්ටම දැනෙන්ට ඉඩහැරය .
" හේ "
පිටුපසින් ඇසුණු හඩට අංජුට නුපුරුදුය . ලමයින් දහස් ගනනක් ඉන්නා පාසලක හැමෝගෙම හඩ අංජුගේ මතකයේ නැතත් ඇයගේ මතකය බොහොම හොදින් හඩවල් අදුනගන්නට සමත්විය . නමුත් මේ අළුත්ම හඩකි." මෙතන හරිම සිසිලසයි නේද හිත නිවෙනවා "
ඒ නුපුරුදු හඩ නැවත වතාවක් ඇයට ඇසුණි.අංජුට ඇය සමග කේන්ති ගන්නට උවමනා උවත් ඇගේ ඉක්මනින් රත් වන ලේ මේ සිසිලසත් ලැබු නිදහසත් හමුවේ තවමත් සීතල ඇත . එහෙයින් ඇය යන්තම් දෙතොලට නගාගත් සිනාවක් සමග පිටුපස හැරුණිවෙනුවට
අංජුගේ ඇස් වලට හමුවූයේ ඇය මෙන්ම වූ කෙල්ලෙකි . ඔවුන්ගේ වෙනස නම් අංජු ඇයට වඩා සෙන්ටිමීටර කීපයක් උසින් වැඩිවිම පමණකි. ඔවුන්ගේ දෑස් ද සමානව ආක්‍රමණශීලය.
හොදින් බැලූ තැනැත්තෙකුට ඔවුන්ගේ සමානකම් හොදින්ම දිස්වනු ඇත.මේ සමානකම ඔවුන් දෙදෙනාද හොදින්ම තේරුම් ගත් නමුත් කිසිවෙකු හෝ ඒ පිලිබදව කතා කලේ නම් නැත . ඒ වෙනුවට ඔවුන් කලේ එකිනෙකා දෙස බලා හිදිම පමණකි.
" ම්ම්ම් ඔව් මම ස්කෝලෙ තියන ආසම තැනක් මෙතන , ඒකත් ස්කෝලේ පාළු වෙලාවට කිසි හඩක් නැතිව මම විතරක්ම ඉන්න වෙලාවට "
අංජු සිහින් හඩින් ඇයටත් ඇගේ තනිකමටත් බාධා කිරිම ගැන කලබලයකින් තොරවම අකමැත්ත කීවේ එලෙසිනි .