Planet 09

99 15 7
                                    

ආදරේ කරන්න අයිතිවෙන්නම ඕනද?
නෑ නේද?

මන් මගෙන්ම ප්‍රශ්න කරා.ඔව් මන් හැමදාම ඒ දේ කරා.මොකද මගේ ප්‍රශ්න වලට උත්තර තිබුනේ මගේ ලගමයි.

ඒත්...

මටත් එක තැනක වැරදුනා.

ඒ මන් මාව වෙන කෙනෙක් ලග දාලා ආවා.ඒක වැරැද්දක්.කවදාවත් හරිගස්සන්න බැරි වේදනාකරී වැරැද්දක්.

ඉතින් මට සමාව ලැබෙවීද.ඒ වැරැද්දට?.
ඒ කෙනා මට මාව ආපහු දෙවීද?
එයා ලග මාව බැදගෙන හිරකරගෙන තියාගන්නේ නැතුව මගේ ආත්මයට නිදහස දේවීද?

මන් දන්නේ නැහැ මොනා වේවීද කියලා.
ඒත් පුලුවන් උපරිම ඉවසන එක,දරාගන්න එක ඇරෙන්න මට කරන්න දෙයක් නැහැ.

හිතුනොත් මන් මේ ලෝකෙන් යනවා.මාව එයා ලග තියලා මන් මේ ලෝකෙන් යන්නම යනවා.

සමහරවිට මන් මේ ලෝකෙන් යන එක වෙන්න ඇති මේ ප්‍රශ්න හැම එකකටම උත්තරය.

-Shine|ලිලෝ

Planet 09 ❗Where stories live. Discover now