Planet 09

87 10 5
                                    

සමහර වේලාවට
අපි නොහිතන දේවල් වෙනවා..
මන් දන්නේ නැහැ ඇයි කියලා...
ඒත් මට දැනෙනවා මන් ආපහු ජීවත් වෙනවා...

මෙච්චරකල් මන් ආස නොකරපු දේවල් මන් ආසාවෙන් කරා....
මන් ආස කරපු දේවල් මන් අතෑරියා....

මගේ වාසනාවට....මන් අසම්පූර්ණයි කියලා මටම දැනුනා..
ඒක දුකක් නෙමේ...
ඒක සතුටක්...!

ඉතින් මට දැන් සම්පූර්ණ වෙන්න ඕන....බැහැ කියලා දෙයක් නැහැ කියලා මගේ තාත්තා මට හැමතිස්සෙම කියනවා....ඉතින් මිනිස්සු කියනවා හැමෝම අසම්පූර්ණයි ලු....

ඒත් ඒක ඇත්තද?...
නරියාට මිදි කන්න බැරි උනහම නරියා කිව්වේ මිදි තිත්තයි කියලා....
මිනිස්සුන්ට සම්පූර්ණ වෙන්න බැරි උනහම මිනිස්සු කීවේ හැමෝම අසම්පූර්ණයි කියලා...

ඉතින් ඇයි මමත් පරාජය භාරගන්නේ?
සමාජ මතය නිසා මමත් පරාජ වෙන්න ඕනද?
නැහැ.!

ඇයි මට බැරි සමාජ මතය වෙනස් කරන්න.
ඔව් හැමෝම කියාවී බැහැ කියලා.ඔබත් කියාවී.ඇයත් කියාවී.ඔහුත් කියාවී.
ඒත් කවුරු කොහොම කීවාත් ඒක වෙනස් කරන්න පුලුවන් වෙවී.

"නිතී-රිතී"

නිතීය අනිවාර්‍යයි.
රිතීය සමාජ මතයයි.
මම ඉගෙනගත්තේ එහෙමයි.

මිනිස්සු අසම්පූර්ණයි
සමාජ මතය ඒකයි
ඒ රිතීයයි.

ඉතින් රිතී කියන්නේ මඩේ හිටවපු ඉන්න වගේ දෙයක්..කවුරු කොහොම කිව්වත් මේ තියෙන්නේ මගේ මතය.

ඩිමෝක්‍රටීස් කියපු දේ ඇරිස්ටෝටල් පිළිනොපැද්දට මොකද ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් නෙමේද?

අන්න ඒවගේ තමයි.
මමත් සම්පූර්ණ වෙනවා.මට ඕන පැතිවලින්.

හැමදාම ඒකපාර්ශ්විකව ආදරේ කරපු සූරියකාන්ත මලක්වත්,

සොහොන් වලට තනිමකපු අරලිය මලක්වත්,

තමන්ගේ කාලේ එනකම් බලන් හිටපු සකුරා මලක්වත් නෙමෙයි,

මට ඕන මහ රූස්ස ගහක් වෙන්න.
මොකද,
ගහක් නැතුව මලකුත් නැති නිසා.

January 14,2023
-ලිලෝ | Shine.

Planet 09 ❗Where stories live. Discover now