Planet 09

33 4 0
                                    

නොදැක්කම අමතක වෙයි කියන්න තරම් ඔයා මෝඩයා උනේ කවදද,

රහත් නොවුනට මගේ ඉවසීම ගැන මට විශ්වාස බව ඔයා දන්නෙ නැද්ද,

දැන්වත් ඔය පරිණත බව කියන එක පැත්තකට විසික් කරනවා.තිබ්බා කියලා ඔයාට හරි ගියේ කවද්ද?

අනේ ඇත්තට මම පිස්සෙක් නෙමෙයි මේ තරම් නුඹේ මත්තෙම නැහෙන්න.මන් අහන්නේ නුඹේ ඇස් පොට්ටද මාව මේ තරම් නොපෙනෙන්න?

කරන දෙයක් කරන්න,අපි දෙන්නා ගැලපෙන්නෑ ඇත්ත.

ගැලපීම් ගලපන් ජීවත් වෙන්න ඕනායි කියලා සුරංගනා කතා දොඩවන්න උවමනාවක් නැ මට.මොකද ඒ කතා නුඹ අහන්නේ නැතිබව දන්නේ මගේ හිත.

ඉතින් ඔයා ඔයාගේ පාරේ යන්න.මන් මාගේ පාරේ යන්නම්.ඒත් මන් ඔය ඇස් දිහා බලන හැමසැරේම මට ඔය ඇස් වලින් කියන්න එපා අමතක කරන්න කියලා.

මොකද මම මැරිලා ඉපදිලා නැහැ නුඹව අමතක කරලා ජීවත් වෙන්න!

-සාරා|ලිලෝ
23/08/2023

MaashiJoonHope

Planet 09 ❗Where stories live. Discover now