5

44 13 20
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ගෙවෙන්නේ කොලේජ් එකේ අන්තිම මාස තුන.....මේ වෙනකන් මන් ටේට කතා කරන්න උත්සහ කරත් එයා මාව මගඇරියා....ක්ලාස් එකේදි ජිමින් කොච්චර මගෙ එහා පැත්තේ ඉඳන් කියෙව්වත් මගෙ ඇස් නැවතිලා තිබ්බේ ටේගේ ගාව....ඒ ඇස් හැමතිස්සෙම මාව මගහරිනකොට මන් තවත් ඒ ඇස් වලින් හැන්ගුනා....මේ තරම් ඈත් වෙන්න තරම් මන් මොනාද කලේ ටේ....
.
.
.
.
.
.
.
.
.
" යාආආආහ් සන්මියා..මොන ලෝකෙද ඉන්නේ!!!"

"ම්..මෝහ්.?"

"ඉන්ටවල් එක කන්න යමු "

"ආහ් යමු යමු මටත් හොඳටම බඩගිනී "

ජිමිනත් එක්කම හිනා වෙවී දිව්වේ කැෆටේරියා එකට....ගිහින් ඉඳගෙන මන් හත් අවුරුද්දකින් විතර කාලා නෑ වගේ කාගෙන කාගෙන යනකොට...කෑමත් කටේ පුරවන් හෙමින් ජිමිනගෙ ප්ලේට් එකේ තියෙන මස් කෑල්ල ගන්න හැදුවත් ජිමින් මට කලින් ඉක්මන් වෙලා කෑම එක එහාට කරගත්තේ මගෙ අතටත් එකක් ගහලමයි...

"අයිශ් මෝඩයා 😒"

ජිමිනටත් රවලා ආපහු කෑම එක කන්න
ගත්තත් ජිමිනා එයාගේ මස් කෑල්ල ආපහු මගෙ ප්ලේට් එකට දැම්මේ

"කනවා මෝඩි 😒"

ජිමිනටත් ගොන් හිනාවක් දාලා ආපහු කන්න ගත්තත්...ජිමින් මගෙ කොන්ඩෙ ඇවිස්සුවේ මන් ජිමින් දිහා චොප්ස්ටික් දෙකත් කටේ ගහන්.....

"මැරෙන්න ආසද !!...යාහ් මෝඩ තාරාවා මගෙ කොන්ඩේ අවුල් කරන්නෙපා!!"

"කටවහගෙන කනවා දැන් !!"

ජිමිනට චොප්ස්ටික් එකෙන් එකක් ඔලුවට ඇනලා ඉස්සරහ බලනකොට මන් දැක්කේ ඒ තද දුඹුරු ඇස්....ආයෙමත් මන් ඒ ඇස් වල නතර උනා...හේජින් ඇවිත් ටේ ගාවින් ඉඳගන්නකොට...මගෙ ඇස් ආයෙමත් තෙත් වෙනවා දැනෙද්දි මන් ඉක්මනින් වෙන පැත්තක් බලාගත්තේ....ටේ එතනින් නැගිටලා යනකොටයි.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
රෑ වොශ් එකක් දාගෙන ඇඳට වැටුනේ පොතක් කියවන ගමන්.....ආආආහ් හරිම කම්මැලියි...ඔම්මා මට ඔයාව මතක් වෙනවා... අම්මා ජර්මන් ගියේ තාත්තා එහෙදි ඇක්සිඩන්ට් වෙලා නිසා.....ටිකක් වෙලා පොත කියව කියව ඉඳලා නින්ද යාගෙන එන්න ආවත් ගැස්සිලා නැගිට්ටේ බෙල් එක ගහන සද්දෙ නිසා කව්ද යකෝ මේ මහ රෑ බෙල් එක උඩ නැගගෙන ඉන්න බූරුවා..😒 බෙල් එක ගහන එකාගෙ අම්ම මුත්තා මතක් කර කර මන් පල්ලෙහාට ගිහින් දොර අරිනවත් එක්කම මගෙ ඇඟට වැටුනේ ටේහ්‍යුන්..

Only you   ┃ Kth ✔️  ( complete )Where stories live. Discover now