.
.
.
අවුරුදු හයකට පසු ,අවුරුදු හයක්ම ගෙවිලා යනවා දැනුනෙවත් නැති තරම්....හැමදේම වෙනස් වෙලා.....අවුරුදු දහඅටක සෙල්ලක්කාර කෙල්ලෙක් වෙලා හිටපු මන් අද අවුරුදු විසි හතරක තරුණියක්
අද මගෙ ජොබ් එකේ පලවෙනි දවස...
අපි දෙන්න එකට හිටපු තැනට මන් ආපහු ආවා.....අපෙ පරන මතක වලින් පිරුන මේ කොලේජ් එකේම මන් අද ලමයින්ට උගන්නන්න යනවා....අවුරුදු හයක් ගෙවුනත් තාමත් මන් පරන මතක එක්ක එකතැන නතර වෙලා.....හොඳ හුස්මක් අරන් ගේට් එකෙන් ඇතුලට ගියේ සතුටින් හිනාවෙවී කෑගගහ යන ලමයි දිහා බලාගෙන සතුටු වෙනගමන්....මේ හැමදේම මට ඔයාව ගොඩක් මතක් කරනව ටේ...හැමදේම ඉස්සර තිබුන විදියමයි...කෙලින්ම ඔෆිස් එකට ගිහින් මට බාර වුන ක්ලාස් එකට ගියේ මිස්ටර් සොන්ග් එක්ක...මිස්ටර් සොන්ග් ලමයින්ට මාව අඳුන්නලා දෙනකොට මන් හිනා වෙලා ලමයිට මගෙ විස්තර කිව්වෙ එයා සතුටින් මාව පිලිගන්නකොට..." ඉතින් ලමයි මිස් ජොන් අපෙ ඉස්කොලේම ආදිශිශ්‍යාවක්..." මිස්ටර් සොන්ග් කියනකොට මට හිනා ගියේ ලමයිගෙ පුදුමෙන් පිරුනු මූනු දැකලා..."මන් හිතනව ඔයාලා මිස් ජොන් කියන විදියට වැඩ ටික කීකරු වෙලා කරයි කියලා...එහෙනම් මිස් ජොන් මෙතන ඉඳලා මේ ක්ලාස් එක ඔයාට බාරයි...ගුඩ් ලක්.." මිස්ටර් සොන්ග් එහෙම කියලා හිනා වෙලා අත දෙනකොට මාත් ඔලුව වනලා අත දුන්නේ "thank you මිස්ටර් සොන්ග් " මිස්ටර් සොන්ග් ක්ලාස් එකෙන් එලියට යනවත් එක්කම මන් ලමයිගෙ පැත්තට හැරිලා කතා කරන්න ගත්තේ..." එහෙනම් ලමයි මන් තමා අද ඉඳන් ඔයාලගෙ ක්ලාස් ටීචර්....ඔයාලට මගෙන් මොනා හරි මගෙන් අහන්න තියෙනවද..අහන්න තියෙනවනම් බය වෙන්නැතුව අහන්න හරිද 😅"
YOU ARE READING
Only you ┃ Kth ✔️ ( complete )
Fanfictionහමුවුන හැම බැඳීමක්ම එක්වීමකින් අවසන් උනානම්......🥀 සමහර ආදර කතාත් ඒ වගේ... සමහරෙක්ට හිමි වෙනකොට... සමහරෙක්ට අහිමි වෙලා ගියා... හැම වෙන්වීමක්ම අවසානයත් නොවෙයි.. මතකයන් එක්ක ඔවුන් හැමදාමත් හදවතේ ජීවත් වෙනවා හරි පරිස්සමට..❤️ ඇයත්....ඔහු වෙනුවෙන් ඇගේ ම...