2.🍁පණපිටින් මිනිසුන් කන අමුතු සතෙක්🍁

1K 218 232
                                    

යීබෝ නින්දෙන් ඇහැරුණේ ගැස්සිලා.යාන්තම් ඇස් ඇරපු යීබෝගේ මූණේ ඇදුණෙ ලස්සන හිනාවක්....ශාන්ගෙ අතේ පැටලිලා තිබුණු අත දිහා මොහොතක් බලන් හිටපු යීබෝ ඔළුව හොල්ලන්නෙ නැතිවම හෙමින් සීරුවේ ඇස් කොනින් ශාන් දිහා බැලුවා.යීබෝගේ ඔළුව ශාන්ගෙ උරහිසේ තියෙද්දී යීබෝගේ හිසට හිස තියා ගත්තු ශාන් හිටියෙ සැප නින්දක.....

'බොරු ලොකු කමක්නෙ මේ යකා පෙන්නුවෙ....එක අතකට... අනේ මන්දා....නොදන්න කෙනෙක් එක්ක මෙහෙම....හොඳ ද කියලා....ඕනා දෙයක්....මේ හැඟීමට මං ආසයි...'

එකම ඉරියව්ව නිසා අපහසුවක් දැනුණත් ශාන් ගෙන් ඈත් වෙන්න ලෝබ වෙද්දී යීබෝ ආයීමත් ඇස් පියා ගත්තා....

එකම ඉරියව්ව නිසා අපහසුවක් දැනුණත් ශාන් ගෙන් ඈත් වෙන්න ලෝබ වෙද්දී යීබෝ ආයීමත් ඇස් පියා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
"මහත්තයෝ.... මහත්තයෝ..."

යීබෝයි ශානුයි ගැස්සිලා ඇහැරුණේ කොන්දොස්තරගේ කට හඬට වෙද්දී ශාන් කලබලෙන්ම තමන්ගෙ අත මුදවා ගන්න උත්සාහ කරා.තමන්ගෙ අත මුදවා ගන්න නොදී යීබෝගේ අත තද වෙද්දී ශාන් යීබෝ දිහා බැලුවේ පුදුමෙන්....ඒ වෙද්දීත් යීබෝගේ ඇස් නතර වෙලා තිබුණෙ ශාන්ගේ මූණේ.ශාන්ගේ බැල්මත් එකක්ම ඒ ඇස් එකට පැටළුණා.....

'ඒ ඇස් කතා කරනවා...'

හොඳ කෙල තලියක් ගිලපු ශාන් මොකුත් නොවුණ ගාණට අත එහෙමම තියෙද්දී ඒ ඇස් මඟ ඇරලා කොන්දොස්තර දිහා බැලුවා.

"එයාලා ඉන්නවා මහත්තයෝ..."

යීබෝ ශාන් හිටපු සීට් එකට විරුද්ධ පැත්තෙ සීට් එකට හිටගෙනම හේත්තු වෙලා හිටපු කොන්දොස්තර දැනටමත් නවත්වලා තිබුණු බස් එකේ ඉදිරිපස පෙන්නුවේ ඇස් වලින්....

"ඔහොමම ඉඳගෙන බලන්න මහත්තයෝ...මහත්තයාලා පුරුදු නැති නිසා එයාලා කලබල වෙන්න පුළුවන්..."

🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -Where stories live. Discover now