4.🍁 අළු පාට මුණුනු සහ කළු මකරා 🍁

908 213 106
                                    

යීබෝගේ කලබලේත් එක්ක තට්ටුවේ සමබරතාව නැති වෙද්දී තට්ටුව අල්ලන් හිටපු ගෝත්‍රිකයන් සිව් දෙනා අමාරුවෙන් තට්ටුව නොවැටි තියාගන්න උත්සාහ කරා.

"දඟලන්නේ නැතිව ඉන්නවා මනුස්සයෝ..."

ශාන් කෑ ගහද්දී යීබෝගේ දෑස් තාමත් ඉදිරියෙන් පෙනෙන දර්ශනයක් මත රැදිලා තිබුණා.

"එයාලා ඉන්නවා ගගා අර බලන්න...."

ශාන්ගේ තරවටුව ගණන් නොගෙනම යීබෝ කියවද්දී ශාන් ගෙ දෑස් යීබෝ පෙන්නූ දිශාවට යොමු උණා.ඈතින් පෙනෙන දර්ශනය ටිකින් ටික කිට්ටු වෙද්දී දෙන්නම සද්ද නැතුව බලන් හිටියා.මේ තරම් වෙලා ගමන් කරපු තට්ටුව අමුතු පෙනුමකින් යුතු පැල්පතක් ඉදිරියෙ නතරවෙද්දී යීබෝ ත් ශානුත් තාමත් බලන් හිටියෙ එතනම  හිටපු පිරිස දිහා.

ලොකු කුඩා බාල මහළු සෑම වයසකම කාන්තාවන් රැසක් පැල්පතට නුදුරින් බිම දනගහන් හිටියෙ යීබොටත් ශාන්ටත් ගෞරව කරන්න වගේ.කුඩා දැරියකගේ දෙදෙනෙකුගෙ අරුණම අනිත් කාන්තාවන්ගේ  මූණු බිමට හැරවිලා තිබුණත් ඈතින් දුටුව දර්ශනේ ළඟින් දකිද්දී අසිහියෙන්ම තට්ටුවෙන් බිමට පැන්න යීබොත් ශානුත් මූණෙන් මූණ බලා ගත්තා.

"එයාලා අළු පාටයි....හැමෝගෙම මූණු අළු පාටයි...."

යීබෝ තමන්ටම තහවුරු කරගන්න වගේ කියද්දි ශානුත් බලන් හිටියෙ පුදුමෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝ තමන්ටම තහවුරු කරගන්න වගේ කියද්දි ශානුත් බලන් හිටියෙ පුදුමෙන්.

"ඔබ තුමන්ලාව සාදරෙන් පිළිගන්නවා උතුමාණනි...."

කොහේදෝ ඉඳන් එකවරම කඩා පහත් උණ බින් බිම දනගහගෙන කියද්දි ශාන් ගෙත් යිබෝගේත් අවදානේ ඒ දෙසට යොමු උණා.

"බින්...නැගිටිනවා මනුස්සයෝ....තමුසෙ තව කීපාරක් ඔහොම අපි ඉස්සරහා බිම වැටෙනවාද ආ..."

🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -Where stories live. Discover now