ශාන් කාමරේ පුරා එහෙට මෙහෙට ගියේ නොඉවසිල්ලෙන්.කළුවර වැටීගෙන එද්දී යීබෝ තාමත් නිවසට නොපැමිණෙද්දී ශාන්ගේ කේන්තිය තවත් වැඩි උණේ යීබෝගේ ප්‍රමාදයට හේතුව දැනටමත් දැනගෙන හිටපු නිසයි.මොහොතින් මොහොත ගතවෙද්දී යීබොගෙ අඩි හඩ එළියෙන් ඇහෙද්දී ශාන් හැමදාම වගේ තමන්ටම තරවටු කරගත්තා.
'අදවත් ඔය මායම් වලට අහු නොවී ඉන්නවා මෝඩ ශාන්...'
"ගගෝ.... මගෙ නාකියෝ....මන් ආවෝ...."
එළියෙන් ඇහෙන යීබෝගේ කටහඬත් එක්ක එක තප්පරෙන් තමන්ටම තරවටු කර ගත්ත විදිහ අමතක වෙද්දි ශාන්ට ඉබේම හිනා ගියා.ආයිමත් බොරු කේන්තියකින් මූණ පුරවන් හරි බරි ගැහෙද්දී හුළඟක් වගේ කඩාගෙන බිඳගෙන ඇතුලට ආපු යීබෝ ඇදේ වාඩි වෙලා හිටපු ශාන්ගේ ඇඟට පැන්නා.
"අහකට යනවා...දවස තිස්සේ කපු කමේ ගිහිල්ලා එනවා මෙතන නාඩගම් නටන්න..."
ශාන් මූණ කලු කරන් කෑ ගහද්දී ශාන්ගේ කම්මුල් මිරික මිරික යීබෝ හිනා උණා.
"කපු කමේ ගියා හරි කියමුකො .ඒ උණාට මං කපුකමක් ගරගන්නෙ නැතුම් එනවනෙ ඉතින් මගෙ නාකි ගගා ගාවට...ඉතිං ඔහොම මූණ එල්ල ගන්න ඕනා නෑනෙ...."
"යීබෝ ....හැමදේම විහිළුවක් නෙමෙ... මං ඔයාට හැමදාම කියනවා ඕවාට හවුල් වෙන්න එපා කියලා.අහු උණ දවසට ඔහොම හිනා වෙන එකක් නෑ ඔයා..."
ශාන්ගෙ පෙනුම ඇත්තටම බැරෑරුම් වෙද්දී යීබෝ අහිංසක මූණකුත් හදන් ශාන්ගෙ ඇග උඩින් පැත්තකට වෙලා අතපය බැඳන් ඇඳ උඩ වාඩි වෙන ගමන් බිම බලාගත්තා.
"කෝ ඉතිං ඔය..තරහා උණාද.."
ශාන් ඇහුවේ යීබෝගේ නිකටින් ඔසවන්න හදන ගමන් වෙද්දී යීබෝ ඔළුව උස්සන්නේ නැතුව මුරණ්ඩු විදිහටම හිටියා.
"මායම් දාන්නේ නැතුම් ඔළුව උස්සනවා යීබෝ....අද නම් රවැටෙන්නේ නෑ මං..."
"ඉතිං මං වැරැද්දක් කරෙ නෑනෙ ගගා...."
ශාන්ගේ හඬ උස් වෙද්දී යීබෝ ඇහෙන නෑහෙන ගාණට කෙදිරි ගෑවා.
ලොකු පොඩි හැමෝම එක විදිහට විස්වාස කරපු ශාපය නිසාත් තහංචි නිසාත් ගම්මානේ හැමෝම එක විදිහටම දුක් වින්ඳා.රසට ගුණට කෑමක් බිමක් වත් නොලැබෙද්දී වැඩිපුරම දඩුවම් වින්දේ ගෑණු අය.... වැඩි විය පැමිණි ගමන් ඔවුන්ගේ මූණු අළු පාට සායමින් වැසෙද්දී යන්තම් දරුවෙක් හදන්න පුළුවන් වයස එනකොටම බඩට දරුවෙක් එනකම් තරුණ වයසෙ පිරිමින් අතර සෙල්ලම් බඩු වගේ එහෙට මෙහෙට යන්න ඔවුන්ට සිදු උණා.
YOU ARE READING
🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -
Fiksi Penggemar"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ... රිදුමන් සඟවා නිබඳේ... සැනසුම දිවියේ හැම දේ තිබුණේ.. ඔය උණුසුම ළඟ ළමැදේ...." 🐉🐉🐉 මෙය ශාපයක්.... සමලිංගිකත්වය පාපයක් යැයි සිතූ උන්ට 🤺🤺🤺 මෙය දඬුවමක්.... ආදරේ නාමයෙන් වෛරයයේ ගිණි දැල්, දැල් වූවන්ට ❗❗❗ මෙය මතක් කිරීම...