~~~ යීබෝ pov ~~~
ගිනි දැල් කියන්නේ හරියට අපේ ජීවිතේම කොටසක් වගේ....දවසක් අහම්බෙන් අපි ගිනි දැල් අතරෙම මුණ ගැහුණා...ගිනි දැල් මැද්දෙම දවසක අපි එකිනෙකා වෙනුවෙන් ආදරේ හිතේ තියන් සමු ගත්තා...ඒ වගේම ලෝකයක් කණපිට ගැහෙන තරම් මහ කාලෙකට පස්සෙ ගිනි දැල් මැද්දෙම අපි අපේ උණා.... ජීවිත දෙකකට පස්සෙත් මතකෙන් මැකිලා නොයන්න තරම් ඒ මොහොතේ ඇති උණ හැඟීම් හදවත පතුළේම තැනක මහා ගැඹුරින් තැන්පත් වෙලා.....
කලින් වතාවේ අපේ නික්ම යාම කේදාන්තයක් උණත් ....අද මේ මොහොතේ මට හිතෙනවා ඒ නික්ම යාම ලොකු වාසනාවක් කියලා.... ඒ ගිනි දැල් මැද්දෙ ඉරණම ලියවුණේ ගගාගෙත් මගෙත් විතරක් නෙමෙ.... එකට යා උණ දම්වැලක පුරුක් එක් කරලා හදපු වළල්ලක් වගේ අපේ ඉරණම එක්ක තව තුන් දෙනෙක් වෙන් කරන්න බැරි විදිහට බැඳිලා හිටියා...ඔව් දෙන්නෙක් නෙමෙ තුන් දෙනෙක්....ඒ වගේම කෙනෙක් හිටියා....පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්...ඒ බැඳිම හැමදාමත්....ආරක්ෂා කරන්නම කැප උණ.....හරියට වළල්ලේ අයිතිකාරයා වගේ.....
ඉතිං අඳුර මැද්දෙන් ලියවුන දවසක....එකිනෙකට වෙනස් උණත් එකට යා උණ හැඟීම් එක්ක මතකයන් විතරක් ඉතිරි කරලා...අපි පස් දෙනාම හැංගිලා ගියේ එකම ගිනි ගොඩක....
ඒත් මේ වතාවේ....එකිනෙකාට වෙන්ව යන්න වෙලා....ගිනි දැල් මැද්දෙ උණත්....තම තමන්ගෙ ගමන වෙන්ව යන්න වෙලා....ඉතිං....ඔව් ඒක වේදනාවක්....දරන්න බැරි තරම්.....ඉතිං එදා ඒ හැමෝම එක්ව ගිය ගමන....ඇත්තටම වාසනාවක් නෙමෙද....
ඔව්.....වළල්ලේ අයිතිකාරයා කලින්ම ගියා....ගණනින් කියන්න බැරි තරම් වසර ගාණක්...තමන්ගෙ මෙහෙවර වෙනුවෙන් කැප උණු ඇය.....ඇගේ ප්රධාන මෙහෙවර අවසන් වෙලා....තවත් වසර දහයකට පස්සෙ ඇගේ අවසන් මෙහෙවරත් ඉටු කරලා....පරම්පරාගාණක මතකත් එක්ක... සැනසීමෙන් දෑස් පියා ගත්තා.
ඒ වගේම දම් වැලේ පුරුක්.....
දැනටමත් එක්කෙනෙක් ගිහිල්ලා....ගොඩක් කාලෙකට කලින්ම.....නොසිතු මොහොතක...නොසිතු විදිහට.... අද මේ මොහොතේ තව කෙනෙක්......
.
.
.
.
ඉතිං පුංචි කාලයක් නෙමෙ....හරි අපූරු විදිහට....ගිනි දැල් මැද්දෙ....හිරු අහසෙන් සැඟ උණ මධ්යාහනෙක....වසර සියයක ශාපයක් නිදහස් කරමින්....සිද්ද උණ අපේ විවාහයෙන්....වසර 36ක් ගෙවිලා ගිහිල්ලා....ඔව්....අපි දැන් වයසයි....මහ ගොඩක්....මගෙ නාකියා දැන් ඇත්තටම නාකියි....කොන්ඩෙත් සෑහෙන්න සුදු වෙලා....ඒත් එදා වගේම ලස්සනයි....කඩවසම්....ශක්තිය එදා තරම් නොවුණත්.... කියන්න තරම් අඩුවකුත් නෑ....අවුරුදු 67ක්....කියන්නේ ටිකක් නෙමෙ....ඒ වගේම...නමට තවමත් එයාගෙ පොඩි එකා උනාට....මටත් දැන් 61ක්....
YOU ARE READING
🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -
Fanfic"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ... රිදුමන් සඟවා නිබඳේ... සැනසුම දිවියේ හැම දේ තිබුණේ.. ඔය උණුසුම ළඟ ළමැදේ...." 🐉🐉🐉 මෙය ශාපයක්.... සමලිංගිකත්වය පාපයක් යැයි සිතූ උන්ට 🤺🤺🤺 මෙය දඬුවමක්.... ආදරේ නාමයෙන් වෛරයයේ ගිණි දැල්, දැල් වූවන්ට ❗❗❗ මෙය මතක් කිරීම...