ශාන් හිටියේ ඇත්තටම සතුටින්.මේ තීරණේ ගන්න එක පහසු නොවුණත් ,තවමත් නොවිසඳ උණු ගැටළු තිබුණත් තමන් ගත්තු තීරණේ ගැන ඔහු අවන්කවම සතුටු උණා.වගකීම් කොයිතරම් තිබුණත් ඒ හැමදේම අමතක කරලා ඔහු හදවතට ඇහුම්කම් දුන්නා.ඇත්තටම මේ වතාවේ ඔහු ඉක්මන්.ගිය වතාවට වඩා ඉක්මන්....
මුළු දවසෙන් වැඩි හරිය එකට ගෙවපු ශාන්ටත් යීබෝටත් අන්තිම සතියේ දෙපැත්තකට වෙන්න උණේ විවාහයට කලින් ඉටු කළ යුතු සිරිත් විරිත් තිබුණු නිසා.මුල ඉඳන්ම ඔවුන් සම්ප්‍රදායට විරුද්ධ උණු නිසාත් ෆාජි ගෙ කීම පිට ගම්වැසියනුත් ඔවුන්ට අවශ්‍ය නිදහස දුන්නු නිසාත් මේ වතාවෙත් ඔවුන්ට විරුද්ධ වෙන්න බැරි උණා.
එකිනෙකාගෙන් වෙන්වෙලා ඡායා මාත්‍රයක්වත් නොදැක ගෙවුණු සතිය පුරා හරියට කුසට ආහාරක් නොවැටෙද්දී රෑ පුරා නින්දක් නැති වෙද්දී උදාසීන කමින් දවස් ගෙවෙද්දී ඔවුන් තේරුම් ගත්තා මින් මතු ඔවුන්ට එකිනෙකාගෙන් තොර ජීවිතයක් නැති බව....
දර සෑයට මැදි උණු ශානුත් ,එක මොහොතක් හෝ මඟ ඇරෙතැයි බියෙන් දෑස් දල්වන් හිටපු හැමෝමත් යීබෝගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා.ශාන් හිටියෙ නොඉවසිල්ලෙන්.සතියක් පුරා අමාරුවෙන් ඉවසපු හිත අන්තිම මොහොත ඉවසන්න බැරිව එහෙටත් මෙහෙටත් පිණුම් ගැහුවා.
අන්තිමේ ෆාජිත් සමඟ ඔහු පැමිණෙද්දී ශාන්ගේ හදවත ගැහෙන්න ගත්තේ ඔහු යීබෝව දකින පළමු වතාව වගේ.ඔහු ලස්සනයි...ඇත්තටම වෙනදට වඩා මහ ගොඩක් ලස්සනයි...මොකක්දෝ කියන්න බැරි අමුතු එළියකින් ඒ මූණ පිරිලා තියෙද්දී ශාන්ට ඈතටම ඔහුව පෙනුණේ රතු පාටට. ලජ්ජාව නිසා උණු රතුවක් නෙමෙ.... රතු පාටටත් වඩා ඒ රෝස පාටක්...තද රෝස පාටක්...ෆාජි ගෙ අතේ එල්ලිලා ඔහු ආවෙ පොඩි එකෙක් වගේ.නොඉවසිල්ලටමදො හිටි ගමන් එන වේගේ වැඩි වෙද්දී හෙමින් හෙමින් එන ෆාජිව මතක් වෙද්දී ලජ්ජාවෙන් බිම බලන් කීප වතාවක්ම වේගේ අඩු කරන හැටි ශාන් බලන් හිටියෙ ආශාවෙන්....
YOU ARE READING
🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -
Fanfiction"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ... රිදුමන් සඟවා නිබඳේ... සැනසුම දිවියේ හැම දේ තිබුණේ.. ඔය උණුසුම ළඟ ළමැදේ...." 🐉🐉🐉 මෙය ශාපයක්.... සමලිංගිකත්වය පාපයක් යැයි සිතූ උන්ට 🤺🤺🤺 මෙය දඬුවමක්.... ආදරේ නාමයෙන් වෛරයයේ ගිණි දැල්, දැල් වූවන්ට ❗❗❗ මෙය මතක් කිරීම...