'.....වශියෙන් ඇස් ඔබේ ගැටුනු..
දිනේ මං ආදරෙන් බැදුණු..
හීනෙකින් වාගේ මුණගැහුණු..
ඔබයි දෙව් දූ..ඔබයි දෙව්දූ...'Author's P.O.V
ෆූජියන්.. ගිනිකොනදිග චීනයේ තායිවාන දූපත් වලට මුහුනලා පිහිටුන පලාතක්.. බෙයිජිං , ෂන්හයි වගේ සුපිරි නගරයක් නෙමෙයි.. ගම්බද පලාතක්.. සංවර්ධනය වෙලා තිබුනේ නගර බද කොටස විතරයි..මේ මිනිස්සුගේ ප්රධාන ජීවනෝපාය වුනේ කෘෂිකර්මාන්තයයි , පතල් කැනීමයි..
ෆූජියන් කියන වචනේ අර්ථය ප්රීතිමත් පිහිටිම යන්නයි.. එතකොට ඇත්තටම මේ නගරේ ජීවත් වෙන මිනිස්සු ප්රීතියෙන්ද ඉන්නේ..??
අපි බලමු..
ජනවාරි මාසේ දවසක්..
" ඔහොම නැවතියන්..!"
" දුවන්න එපා..! උබට අපෙන් බේරිල්ලක් නැහැ.."
" පො#$ කැ#$ උබ දිව්වා කියලා අපෙන් බේරෙන්න බැහැ යකෝ..!"
" Ian..ඕකව මගහැරෙන්න දෙන්න එපා..!!"
" Ian..! අල්ලගනින් ඕකව...!"
ගෙවෙමින් තියෙන සීත සෘතුවට පින් සිද්ද වෙන්න ෆූජියන් පලාතම සුදුම සුදු හිමෙන් වැහිලා තිබුනා.. ලොන්යැන් විශ්වවිද්යාලයත් මේ හිමට යට වෙලා තියෙනකොට කොල පාට ගස් වගේම ගොඩනැගිලි වල වහලත් මේ සුදු පාට හිම ආක්රමණය කරලා තිබ්බා..
තවමත් හීනියට හිම වැටෙමින් තිබුනා..
ලොන්යැන් විශ්වවිද්යාලය මැදින් මේ හිම වැටුන පාර දිගේ එක කොල්ලෙක්ගේ පස්සෙන් තවත් කොල්ලෝ පස් දෙනෙක් දිව්වේ දැනෙන සීතලවත් ගානකට නොගෙන..
එකෙක් තමන්ගේ ජීවිතේ බේරෙගන්න පන එපා කියලා දුවනකොට අනිත් පස් දෙනා අනිත් එකාව බිම දාගෙන ගහන්න බලන් පැන්නුවා..
Xing , Yang , wei , Huaxin පස්සෙන් එනකොට ඒ හැමෝටම ඉස්සරහෙන් දිව්වේ Andrian.. එහෙමත් නැත්තම් Ian..