❄️ Chapter 32 ❄️

489 109 51
                                    


.....විශ්වාස කරන්න..මේ ලෝකේ ලස්සනම ආදරය ලබන්න ඔයා සුදුසුයි.....

Wang Yibo's P.O.V

ජීවිතේ මම බලෙන් හරි ආදරේ කරන්න උත්සහ කරලා තියෙන්නේ තුන් දෙනෙක්ට විතරයි... පලවෙනි දෙන්නා මගේ මමීයි.. ඩැඩියි.. මට කොහොම කොයි විදිහට සැලකුවත් දරුවෙක් අම්මයි තාත්තටයි ආදරේ කරන්න ඕන කියන හින්දා මම උත්සාහ කලා එයාලට ආදරේ කරන්න.. ඒත් ඒ දෙන්නා මාව පැත්තකට විසික් කලේ නරක් වෙච්ච කුණු මාලු කෑල්ලක් වගේ..

එතකොට මගේ ප්‍රින්සි.. ඈන්.. එයාගෙන් මම දැක්කේ මගේ නංගිව වෙනකොට මම හැමවෙලේම උත්සහ කලේ එයාව හුරතල් කරන්න.. එයා කැමති හැමදේම ගෙනත් දෙන්න.. එයාව සතුටින් තියන්න.. ඒකමයි එයා මට ආදරෙයි කියනකොට එයාව සතුටු කරන්න හිතන් මාත් ආපිට එයාට ආදරේ කිව්වේ..

මම උත්සහ කලා.. මම අහලා තියෙන විදිහට මට පුලුවන් විදිහට එයාට ඕන දෙවල් කරන්න.. එහෙම තමයි ආදරේ කරන්නේ කියලා මම හිතුවා..  හිත ඇතුලෙන් ඈන් ගැන තිබ්බ හැගීම එදා වගේම කිසි වැඩි වීමක්වත් නැතුව අඩුවකුත් නැති වුනත් මේක තමයි ආදරේ කියලා පිලිගන්න මම උත්සහ කල..

ඒත් ඇත්තටම මොනවද වුනේ..ආදරේ කිය කිය එයා කියන කියන දේවල් කරන්න කරන්න එයා කලේම මාව බල්ලෙක් ගානට දාපු එක.. මාව රූකඩයක් වගේ නටවන්න හදපු එක.. මම සාමාන්‍යයෙන් ඉවසන මිනිහෙක් නෙමෙයි.. මගේ ඉවසීමේ සීමාව තියෙන්න අනිත් මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවටත් කිලෝමීටර්යක්වත් කලින්.. එහෙම තියෙද්දිත් ඒකී වෙනුවෙන් මම ඉවසුවා.. 

ඒත් එක පුංචි බැරි වීමකට මොකක්ද ඒකි කලේ.. මට කියපු බලු කියුම්.. හිතන් ඉන්න ඇති මම නිවටයෙක් කියලා..

අන්තිමට මම ඒකිට බැන්නා.. තල්ලු කලා..ඒකී අඩන්න අඩන්න කෑගැහුවා.. වෙන එකියෙක් ඔහොම ඔතන හිටිය නම් ඒකිගේ කන රත්කරලා වුනත් ඒ හිටියේ ඈන් හින්දා තල්ලුකරලා විතරක් මම නැවතුනා..

ඒ ප්‍රශ්නේ එතනින් නැවතුනා නම් කමක් නැහැ..අන්තිමට ඒකී මම තල්ලුකරලා ගැහුව කියලා යැන්ට කේලම් කියලා යැන් මාත් එක්ක වලියට ආවා.. ඌගේ නංගිව රැවැට්ටුව.. යූස් කලා.. දැන් ගහන්නත් එනවද කියලා මට අත උස්සන්න එනකොට හුවාෂින් මැදට පැනලා වලිය බේරුවේ..එකම ඒකීටත් අපි දෙන්නා සෙට්වෙල චාටරේ ගහපු දවස් ඕන තරම් තිබ්බත් කවදාවත් අපි චීත්ත කෑලි හින්දා රණ්ඩු වෙලා නැහැ.. ඒත් ඈන් ආදරයක් කියලා හු##ක් උස්සන් ආව දවසේ මට හැමදාම ප්‍රශ්න.. මහ ලොකු පකේ ආදරේ..

CRAZY LOVE 🌼 (Yizhan ff ) Where stories live. Discover now