......And in his smile i see
Something more beautiful than the stars..
Author's P.O.V" මේ කිව්ව වෙලාවට ආවේ නැහැ කියලා අපේ කෙනා මුහුනත් දෙක කරන් කාමරේට වෙලාමයි හිටියේ.. ඔය හිටියට තාම කාලාත් නැහැ... "
" අනේ අම්මා..!"
Ian එන්නේ නැති වෙයි කියලා හිතලා ජාන් රෑට කෑවෙත් නැහැ කියලා Zhan ගේ අම්මා කියනකොට Zhan ගේ මුහුනට ලේ පිරින.. ඒ සුදු කම්මුල් රතු වෙනව දැකලා ian ට ත් හිනා ගියා... Zhan ගේ ගෙදර එනකොට ian ගේ හිතේ තිබ්බ බය ඒ වෙනකොට යන්න ගිහින් හරි සුවපහසුවක් ඇවිත් තිබුන....
Ian බෙල් කරනකොට දොර ඇරියේ Zhan ගේ අම්මා වුනත් බයික් එකක් මිදුලේ නතර කරන සද්දෙට කාමරේ හිටිය Zhan නුත් අඩියට දෙකට පහලට ආවා... දොර ඉස්සරහ හිටන් ඉන්න ian ව දැක්ක ගමන් Zhan ගේ මුහුනේ ඇදුන හිනාවෙන්ම Zhan එයා එක්ක තරහ වෙලා නැහැ කියලා තේරෙනකොට ian ට සැනසුම් සුසුමක් පිට වුනා..
රෑට නමයටත් ලං වෙලා තිබ්බත් ian එනකන්ම අම්මයි පුතයිත් රෑට කාලා හිටියේ නැහැ.. මේසේට ඇරපු කෑම ඔක්කොම සීතල වෙලා ගිහින් තිබ්බ.. අන්තිමට කන්න කලින් කෑම ඔක්කොම ආයේ වතාවක් Zhan ගේ අම්මට රත් කරන්නත් වුනා..
" සමාවෙන්න.. මගේ යාලුවෙක්ට පොඩි කරදරයක් වුනා... "
Ian ආපු වෙලේ ඉදන් ඔය Zhan ගේ අම්මගෙන් සමාව ඉල්ලන්නේ කී වෙනි පාරටද මන්දා..
" යාලුවෙක්ගේ කරදරයකදි ලග ඉන්න එක හොද යාලුවෙක්ගේ ලක්ෂණයක්.. සමාව ඉල්ලන්න එපා.. කීයට හරි පුතා ආවානේ.. ආ මේකෙන් ටිකකුත් කාලා බලන්න..."
" අනේ අම්මේ මටත් සැලඩ් ටිකක් ඕන.."
" ආ..ආ ඒකට අත තියන්නේ නැහැ.. සෙසමි ඔයිල් දාලා තියෙන්නේ.. මතකනේ කලින් හොස්පිටල් හිටියේ මුලු ඇගේම පලු දාන්.. මේක හැදුවේ Yibo පුතාටමයි.."
Zhan ගේ පිගානට වගේම ian ගේ පිගානටත් Zhan ගේ අම්මා එක එක කෑම බෙදනකොට ian ඒ දිහා බලන් හිටියේ ලෝකේ තියෙන හොදම මැජික් එක දිහා බලන් ඉන්නව වගේ..
යාලුවොත් එක්ක කැම්පස් එකේදි කෑවොත් මිසක් ගෙදරක් කියන එක ඇතුලේ ගෙව්න අවුරුදු විසි දෙකටම ian කෑවේ තට්ට තනියම.. කෑම උණුයිද.. සීතල වෙලාද.. ඉවර වුන කෑම පුරවන්න ඕනද.. එයාගේ පිගානට වැඩි වැඩියෙන් කෑම පුරවන්න.. මේ කිසිම දේකට කවුරුවත්ම ian ගේ ලග හිටියේ නැහැ වගේමයි ian ට කාවවත් ඕන වුනෙත් නැහැ... එයාට හිතුනොත් කෑවා නැත්තම් වීසි කලා.. කේන්ති ගියොත් පොලවේ ගැහුව...කොටින්ම Zhan ගේ ගෙදර එනකන්ම එයා දැනගෙන හිටියේ නැහැ සාමාන්යය පවුලක් කියන දේ ඇතුලේ එහෙම දේවල් වෙනව කියලවත්..