❄️ Chapter 36 ❄️

475 104 51
                                    


දැනිලා තියෙනවද ඔයාව කෙනෙක්ට වැදගත් කියලා දැනගත්තම දැනෙන හැගීම... ?

Author's P.O.V

යිආන් කිව්වත් වගේ.. ජීවිතේ වෙනස් වෙලා.. හිතේ තිබ්බ හැගීම් වෙනස් වෙනවත් එක්ක කලින් තිබුන බැදීමුත් වෙනස් වෙන්න ගත්ත..බැදීම් වලට නමක් එකතු වෙලා..යිආන් ඒකපාර්ශිකව ආදරවන්තයෙක් වෙලා..

යිආන් විතරක් නෙමෙයි.. ජානුත් වෙනස් වෙලා.. තවදුරටත් ජාන් කියන්නේ තනියම කොන් වෙලා පැත්තක හිටපු මනුස්සයා නෙමෙයි.. අර කෙල්ලව බේරගත්ත මොහොතේ ඉදන් ජාන්ගෙ වටේ මිනිස්සු එකතු වෙන්න ගත්තා...

ඉස්සරහ තනියම හිටිය මනුස්සයා වටා දැන් යිආන් දකින දකින පාර කවුරුම හරි ඉන්නව.. ඉස්සර ජාන් බස් එකේ ඉදන් යුනිවර්සිටි ආවේ තනියම.. ජාන් ගෙදරින් පිටත් වුනා කිව්වම සමහර දවස් තියෙනව කොලේජ් එක ලග බස් හෝල්ට් එකෙන් එයා බහිනකන් යිආන් බස් හොල්ට් එකට වෙලා බලන් ඉන්න.. ඊටපස්සේ එයා බස් එකෙන් බැස්සා කියලා දැක්කම දෙන්නට දෙන්නා පොඩි හිනාවක් දීලා කතා නොකරම යුනිවර්සිටියට ඇවිදගෙන යන.. එහෙම නැත්තම් ජාන් පින් යන් ගේට් එකෙන් තනියම ඇතුලට එනකන් තාප්පේ උඩට වෙලා යිආන් තනි රැකන් ඉන්න..කැෆටේරියා එකෙන් ජාන් තනියම කෑම ගන්නකන් එන්ට්‍රන්සි එක ගාවට වෙලා කාගෙත් එක්ක හරි කදක් දාගෙන ඉන්න..

ඒත් දැන් එහෙම නැහැ.. දැන් ජාන් බස් එකෙන් බහින්නෙ තනියම නෙමෙයි.. අනිවාර්යයෙන්ම ජාන් බස් එකෙන් බහිනකොට දැන් කවුරු හරි එයා එක්ක කතාවක පැටලිලා.. ඉස්සරත් ජාන් එන බස් එකේම යුනියේ අය ගොඩක් ආවට ඔය එකෙක්වත් ජාන් දිහා හැරිලවත් බැලුවේ නැහැ.. ඒත් දැන් උන් බලෙන්ම ජාන් එක්ක කතා කර කර යනවා ජාන්ටත් නොපෙනෙන්න ජාන් දිහා දුර ඉදන් බලාගෙන ඉන්න යිආන් දකිනව.. ගේට් එකෙන් ඇතුලට ගියත් දැන් ජාන් එක්ක කතා කරන්න කට්ටිය ඉන්නව.. වෙනද ලෙක්චර්ස්ලට තනියම ගිය කෙනාට තවදුරටත් එහෙම යන්න ඕන වුනේ නැහැ.. කැෆටේරියා එකෙදී වුනත් පෝලිමේ ජාන්ගේ තනි මකන්න කවුරුම හරි ඉන්නව..

ජාන්ගේ ඇස් ඉදිරිපිටට කෙලින්ම නොගියට යිආන් මේ දවස් ටිකේම ජාන් දිහා දුර ඉදන් බලන් හිටිය..හොරෙන්.. කොහොමත් ඒක යිආන්ට අලුත් වැඩක් නෙමෙයිනේ.. හැබැයි මේ වතාවේ ජාන්ගේ රේඩාර් වලට කොහොමටත් අහු නොවී ඉන්න යිආන් උපරිම ට්‍රයි කලා..

CRAZY LOVE 🌼 (Yizhan ff ) Where stories live. Discover now