❄️ chapter 33 ❄️

427 106 56
                                    


සතුට.. සත්‍ය.. අවංකභාවය.. පක්ෂපාතී ආදරය...🌼


Author's P.O.V

චීනයේ ලුනාර් කැලෙන්ඩර් එකට අනුව නමවෙනිදා ලබන්න හරියටම තිබ්බේ තව දවසයි.. ඒ කියන්නේ චොන්ග්යන් ෆෙස්ටිවල් එකට තිබ්බෙත් එක දවසයි.. මේ අවුරුද්දේ  චොන්ග්යන් ෆෙස්ටිවල් එක වැටිලා තිබ්බේ ඔක්තොම්බර් මාසේ අන්තිම සතියේ..විසි පස් වෙනිදා..

වසන්ත සෘතුව , ග්‍රිෂ්ම සෘතුව  , සරත් සෘතුවේ අවසාන කාලයත් පහුවෙලා දැන් අහස සතියක ඉදන් විටින් විට කලු වෙන්න ගත්තේ මහ වැස්සක පෙරනිමිති පෙන්නන ගමන්... දැනුත් ලොන්‍යැන් අහස කලු වලාකුළු වලින් බර වෙලා තිබුනත් යුනිවර්සිටි එකේ ඇතුලේ හිටිය ලමයින්ට නම් ඒ ගැන වගේ වගක් නැහැ.. හැමෝම කාර්‍යබහුල වෙලා හිටියේ හෙට තියෙන චොන්ග්යන් ෆෙස්ටිවල් එකට හොදම ස්ටෝල් එක එයාලාගේ එක කරන්න උපරිම මහන්සි වෙන ගමන්..ඒ විතරක් නෙමෙයි හෙට ඉතින් එයාලගේ යුනිවර්සිටි එකේ අය වගේම තවත් යුනිවර්සිටි තුනක අය චොන්ග්යන් ෆෙස්ටිවල් එකට ලොන්‍යැන් වලට එනව... ඉතින් තමන්ගේ යුනිවර්සිටි එකේ නම අනිත් අය ඉස්සරහ පහතට දාන්න කිසිම කෙනෙක්ට ඕන වුනේ නැහැ...

ජාන් හිටියෙත් වෙල්ෆෙයාර් එකෙන් කරන ස්ටෝල් එක හදන්න උදව් වෙන ගමන්.. ගිය ආත්මේ පුවක් ගස් පූජ කරලා මේ ආත්මේ පුවක් ගහක් වගේම උස ගිහින් ඉන්න යුන්ජේ කොල්ලෝ තුන්දෙනෙක් සෙට් කරන් යකඩ බම්බු ටිකකුත් උස්සන් ස්ටෝල් එකේ වහලේ සෙට් කරනකොට ජාන් සෙයෝන් එක්ක ස්ටෝල් එක කවර් කරන්න ගත්ත කපු රෙද්දේ භාගෙට ඉවර කරපු පේයින්ටින් එක සම්පූර්ණ කරන ගමන් හිටියේ..ජාන්ල මේ චිත්‍රේ අදින්නේ දැන් දවස් ගානක් ඉදන්.. ඒත් තාමත් ඒක සම්පූර්ණ කරගන්න බැරි වුනා..

" යුන්ජේ අයියා අපේ මාමගේ ගොබ්බ පුතාගේ යාලුවෙක්.. ඉස්සර ගමේ ඉදන් මම මාමලගේ ගෙදර ඇවිත් ඉන්න කාලේ යුන්ජේ අයියා එනව අපේ මාමලගේ ගෙදර යුනිවර්සිටි එක්සෑම් එකට පාඩම් කරන්න.. එතකොට තමයි අයියව මුලින්ම මගේ දර්සන පථයට අහු වුනේ... "

" ඉතින් දැක්ක ගමන්ම හිත හෙලවුනාද... ?"

දැක්ක ගමන් යොන්ජෙට ආදරේ හිතුනද කියලා ජාන් සෙයෝන්ට විහිලු කෙරුවත් සෙයෝන්ගේ මුහුනෙන් නම් එහෙම එකක් පෙනුනේ නැහැ..සෙයෝන්ගේ මුහුන අහක බලන් දාපු ආප්පයක් වගේ වුනා ඒ දෙන්නගේ පලවෙනි හමුවීම ගැන මතක් වෙලා..

CRAZY LOVE 🌼 (Yizhan ff ) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin