~ CHAPTER 1 ~

96 9 0
                                    

"ඔමෝ...... තෙබක්...!!!!! හ්යොන්ග්.....ජින් හ්යොන්ග් !!!!!.. ඔයා දැක්කද ඒක........?"



"මොකද්ද ජන්කුකා.......?"

මං එහෙම අහගෙන ඔලුව ඉස්සුවේ මගේ ඉස්සරහා හිටිය ෆෑන් ග[ර්]ල් දිහාත් බලලා හිනාවකුත් දාන ගමන්. මං ජන්කුක් දිහා බැලුවේ ඒ ඔටෝ බුක් එක මගේ එහා පැත්තේ හිටිය ටේ ට තල්ලු කරන ගමන්. ජන්කුක් මගේ අත ගලවන්න වගේ ඇද ඇද කෑ ගහන එකට නං මට පොඩ්ඩක් විතර කේන්තියක් නොගියාමත් නෙමේ. මොකද ෆෑන් මීටින් එකක ඉද්දී විකාර කරලා වයිරල් කරගන්න සෑහෙන රුදාවක් නේ මේ පොඩි තුනට තියෙන්නේ.



"හ්යොන්ග්.....අර...... දැක්කද? ව්හා.......!! ඒක මාරම ලස්සනයි නේද?"

ජන්කුක් හිමීට ඇස් දෙකෙන් පෙන්නන පැත්ත මං බැලුවේ මේ මීටින් එකට පිටසක්වලයෙක් ඇවිල්ලද කියල බලන්න. කොල්ලාගේ ඇස් දෙක බල්බ් දෙකක් වගේ පත්තු වෙලා නිසා මං දැනගත්තා මේකා ආසම දෙයක් තමයි මේ දත කාගෙන මට පෙන්නන්න දගලන්නේ කියලා. 



"ඔහ්...!!!! ජන්කුකා....... කවුද රපුන්සල්ටත් මේකට එන්න කිව්වේ?"

මං දැක්කේ කොන්ඩේ දිගම දිග හරිම ලස්සන හුරුබුහුටි ගෑණු ලමයෙක්ව. එයා එයාගේ වාරේ එනකල් පුටුවේ ඉදගෙන ඔලුව පාත් කරගෙන මොනාද බලනවා. එයාගේ කොන්ඩේ ඉස්සරහට දාගෙන හිටිය නිසා ඒ කොන්ඩේ බිමත් වදිනවද මංදා. ඉස්සරහම පේළියේ හිටිය නිසාම ඔහොම හරී තිබ්බා නැත්තං හැමෝගෙම කකුල් වලට පෑගෙනවා. චොක්ලට් පාට ලස්සන දිග කොන්ඩයක්. මට එයාව දැක්ක ගමන් ම මතක් වුනේ රපුන්සල්ව.ඒ කාලෙත් රපුන්සල් මේ වගේම ඉන්නැති නේද කියල මට නිකමට හිතුනා. 



හීනි හිනාවක් දාලා ආයෙත් එයාගෙන් ඇස් දෙක ගත්ත මං මගේ ඉස්සරහට ආපු ඒ ෆෑන් ග[ර්]ල් ගාව තිබ්බ ඔටෝ බුක් එක අතට ගත්තා.  


"හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ආමි."

"ඔන්න හරි. එහෙනම් හ්වයිටින්ග් !!!!!"

My Little Rapunzel  || KSJ || HORROR || COMPLETED ||Onde histórias criam vida. Descubra agora