~ CHAPTER 4 ~

37 6 0
                                    

"දන්නවද ජියා.....මං මෙතනට එන්න සෑහෙන කල් ඉදන් ආසාවෙන් හිටියා. ඒත් අපේ මේ ලයිෆ් ස්ටයිල් එක නිසා අපිට නිදහසක් නැතිම තරම්. මං හිතුවෙම මට මෙතනට එන්න කවදාවත් වෙලාවක් නැති වෙයි කියලා. ඒකයි මේක දැක්ක ගමන් ඔයාවත් ඇදගෙන මෙතනට ආවේ."



"ඒකට කමක් නෑ ඔප්පා.. මගෙත් පළවෙනි පාර මේ......"



"චින්ජා !!!! ඔයා.....ඔයා....මේකේ යන්න..... බයයි ද?"



"අනී...ඔප්පා ඉන්නවා නේ.... මං මොකටද බය වෙන්නේ?"

ජියාගේ හිනාවෙන ඇස් දෙකේ ලස්සන කතාවක් හැංගිලා තියෙනවා ජින් පළවෙනි වතාවට දැක්කා. හරියට ජින් ගේ හිතේ ලියවෙච්චී එක වගේ. අමුතුම සතුටක් හදවතට දැනෙද්දී ජින් ජියාගේ අත් දෙක අල්ලගෙන සැහැල්ලූ වගේම ගැඹුරු හුස්මක් අත ඇරියා.




"ජියා..... සෑහෙන්න කාලෙකට පස්සේ මට අද ලොකූ සැහැල්ලුවක්, සතුටක් ලැබුණා. ඒ හැමදේම ඔයා නිසා. කුමාවෝ......ඒ වගේමයි ජියා..... මං මේ දේ මෙහෙම කියන්න නෙමෙයි හිටියේ..... ඒත් මං හිතනවා ඕන දෙයක් වෙද්දෙන් කියලා කියලා දාන්න...මොකද මං මේ වෙලාවේ ගොඩාක් සතුටින්. චේබල් ජියා.... මං එක්ක තරහා වෙන්න එපා."

ජින් එහෙම කියලා තොලත් හපාගනිද්දී හුස්ම නැවතුනේ ජියාගේ. එයා මේ වෙද්දී රතු වෙලා ඉවරයි.




"ජියා..... සරන්ග්හේ....නොමු නොමු සරන්ග්හේයෝ........ඔයා දැක්ක වෙලාවේ තමයි මට එහෙම දැනුනේ. මට තේරුනේ නෑ ඒක මොකද්ද කියලා. ඒත් මේ...... ඔයා හිතනව ඇති එක දවසක් දැකලා කොහොමද කෙනෙක්ට ආදරේ හිතෙන්නේ කියලා නේද? මාත් ඒක විශ්වාස කරේ නෑ. අනික් අයත් මං ගැන දන්න නිසාම කිව්වේ මං කැමති කෙනෙක් මේ පෘථිවියේ නෑ කියලා. ඒත් ජියා.....මාත් එහෙම හිතාගෙන ඉද්දී  ජීවිතේ පළවෙනී පාරට මට හිතුනා මං වැරදී කියලා. ඒ ඔයාව දැක්ක දවසේ.


මං දන්නෑ..... කොහොමද ප්‍රොපෝස් කරන්නේ කියලා. ඔයා මට හිතලා කියන්න ජියා.... මට ඕනෙම කාලයක් බලාගෙන ඉන්න පුලුවන්. ඔයා මට කැමති උනත් නැතත් ජියා.... මං එක දෙයක් හොඳටම දන්නවා...ඒ....ඒඑ...... මගේ එකම සහ අවසානම ආදරේ ඔයා විතරයි කියලා..."

My Little Rapunzel  || KSJ || HORROR || COMPLETED ||Tempat cerita menjadi hidup. Temukan sekarang