~ CHAPTER 3 ~

35 7 0
                                    

"ඊයේ දවසේ ප්‍රෝග්‍රස් එක සැලකිය යුතු විදිහට ඉහළ ගිහින් තියෙනවා. ඒ ගැන ඔයාලා හැමෝටම ස්තූති කරනවා. ඔයාලාගේ කැපවීම මහන්සිය නිසා තමා අපිට ඒ වගේ තැනකට යන්න ලැබුනේ. හැමදාමත් ඒ විදිහටම වැඩ ටික කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මං සුබ පතනවා හැමෝටම. අදට මේ මීටීන් එක ඉවර කරනවා. ඔයාලා ආපහු රාජකාරී වලට යන්න....."


හැමෝම අත්පුඩි ගහද්දී සජන්නිම් හිනා වෙලා පුටුවෙන් නැගිටලා එලියට ගියේ හැමොටම බෝ කරලා. එයා කිව්වත් වගේ සුවඳ විලවුන් නිශ්පාදන ආයතනයක් වෙච්චි මේකේ කාලෙකට පස්සේ වැඩී ආදායමක් ලැබුන මේ අවුරුද්දේ පළවෙනී අවස්තාව ඒක. 



"අපේ සැලරී එකත් එහෙනං වැඩි වෙයි නේද?"

ආපහු වැඩ කරන තැනට යන්න මාත් එක්කම ඇවිදගෙන යන මින්සූ කිව්වේ එයාගේ උරිස්සෙන්ම මටත් තල්ලුවක් දාන ගමන්. 



"කියන්න බෑ......ගිය අවුරුද්දෙත් අපි එහෙම හිතුවනේ......"

මාත් හිනා වෙලා ඉස්සරහා බලාගත්තා.




"මේ ඒක නෙමේ.........ඊයේ තමුසෙගේ ඩේට් එක කොහොමද?"

මින්සූ ඇහිබැම් නටෝ නටෝ අහද්දී මට හිනාවකුත් පැන්නා කටෙන්.




"මොන ඩේට් ද ?"



"ඇයි? ඊයේ කොල්ලෙක් බලන්න කියලා නිවාඩුත් අරගෙන ගියේ. ඒක...."



"ආහ්...... ඒක. එකෙක් නෙමේ ඉතින් 7ක්ම බැලුවා."



"හෑ....???? ඇයි උඹට එකෙක් හරි නෑද? අනිත් ඒවා බැකප් විදිහට තියාගන්න ද බැලුවේ.?"

මින්සූ ඇස් දෙකත් ලොකූ කරගෙන මගෙන් ඇහුවේ එහෙම්මම නැවතිලා. ආයිගෝ.....  මේ වගේ අඩු වයසෙන් ඉපදිච්චී එකෙක්.

My Little Rapunzel  || KSJ || HORROR || COMPLETED ||Tempat cerita menjadi hidup. Temukan sekarang